බ‍්‍රසිලය සහ ස්පාඤ්ඤය පාපන්දු අවසන් මහා තරගයට

488

ජපනයේ ටොකියෝ අගනුවරදී දැන් ක‍්‍රියාත්මක 32 වෙනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ පිරිමි පාපන්දු අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට පසුගිය වර රන් පදක්කම් ලාභී බ‍්‍රසිලය සහ ස්පාඤ්ඤය සමත් විය.

මෙම දෙපිල මුණ ගැසෙන තීරණාත්මක අවසාන මහා තරගය ලබන සෙනසුරාදා (07* පැවැත්වේ.

පිරිමි අවසාන පූර්ව වටයේදී ස්පාඤ්ඤය හමුවේ සත්කාරක ජපානය ගෝල් 01 – 00 කින්ද බ‍්‍රසිලය හමුවේ මෙක්සිකෝව දඬුවම් පහර ආශ‍්‍රිතව ගෝල් 04 – 01 කින්ද පරාජය ලැබීය.

ආරම්භයේ සිට අවසානය දක්වාම අතිශය තියුණු මුහුණුවරක් ඉසිලූ මෙම තරග දෙකම මිනිත්තු 120 ක් පුරා ක‍්‍රියාත්මක කිරීමට විනිශ්චය මණ්ඩලයට සිදු වීම කැපී පෙනුණි. ස්පාඤ්ඤයට එරෙහිව තියුණු තරගයකට අවතීර්ණ වූ ජපානයට තරගතයේ අතිරේක කාල සීමාවේදී පරාජයේ අමිහිර අත් විඳින්නට සිදුවීම විශේෂත්වයකි.

ඔලිම්පික් ඉතිහාසයෙහි බ‍්‍රසිලය සිව් වතාවක් ද ස්පාඤ්ඤය තෙවතාවක් ද අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබා තිබේ.

ඔලිම්පික් ක‍්‍රීඩා ඉතිහාසයේ පළමු වරට කාන්තා පාපන්දු අවසන් තරගය සඳහා වරම් ලබාගැනීමට කැනඩාව සමත් වෙන අතර වාරයේ දෙවන වතාවට ස්වීඩනය සුදුසුකම් ලැබීය.

මෙම අවසාන මහා තරගය සිකුරාදා (06) දින පැවැත්වේ.

අවසන් පූර්ව වටයේදී 04 වතාවක් රන් පදක්කමට හිමිකම් කියූ ඇමරිකා එක්සත් ජනපදය පරදවමින් කැනඩාව ද ඕස්ටේ‍්‍රලියාව පරදවමින් ස්වීඩනය ද අවසන් තරගයට වරම් ලබා ගැනීම විශේෂත්වයකි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment