බ‍්‍රැන්ඩික්ස් වෙතින් නැණවත් ශ‍්‍රම බලකායක් උදෙසා ‘රන් දරු අබිසෙස්’

107

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ප‍්‍රථම රන් දරු අභිෂේක ශිෂ්‍යත්වය කේ. අක්ෂිකාට සංකේතාත්මකව පිරිනැමූ අයුරු. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, Brandix Essentials ආයතනයෙහි ප‍්‍රධාන විධායක නිලධාරි ලලිත් බණ්ඩාර, බ‍්‍රැන්ඩික්ස් හි සමාජ සත්කාර ප‍්‍රධානී මාලිකා සමරවීර සහ බ‍්‍රැන්ඩික්ස් සමාගමේ සෙසු නියෝජිතයින්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ඇඟලූම් අපනයනකරුවෙකු වන බ‍්‍රැන්ඩික්ස්, මෙරට උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වී විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබූ සිසු සිසුවියන් වෙනුවෙන් ‘රන් දරු අබිසෙස්’ නමින් විශේෂ ශිෂ්‍යත්වය යෝජනා ක‍්‍රමයක් හඳුන්වාදී ඇත.

රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමට සුදුසුකම් ලැබූ සිසු සිසුවියන්ට තම අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අත්වැලක් වෙමින්, රටේ අනාගත නැණවත් ශ‍්‍රම බලකාය වඩාත් ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වී තිබේ.

වැඩසටහනේ ආරම්භය සංකේතවත් කරමින් පැවති උත්සවය, 2021 ඔක්තෝබර් 1 දිනට යෙදුණු ලෝක ළමා දිනයට සමගාමීව, අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. රන් දරු අබිසෙස් වැඩසටහනේ ප‍්‍රථම ශිෂ්‍යත්වය, කොළඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය සඳහා සුදුසුකම් ලැබූ කේ. අක්ෂිකා සිසුවිය වෙත පිරිනමන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment