බ‍්‍රැන්ඩික්ස් 7 වන වරටත් ‘වසරේ විශිෂ්ටතම අපනයනකරු’ ලෙස සම්මානයට පාත‍්‍ර වෙයි

225

මෙරට ප‍්‍රමුඛතම ඇඟලූම් නිෂ්පාදකයකු වන බ‍්‍රැන්ඩික්ස්, 2019/20 ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී 7 වන වරටත් වසරේ අපනයනකරු ලෙස සම්මානයට පාත‍්‍ර වූයේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙවර සම්මාන උළෙල සංවිධාන වූයේ 25 වන වරටය. මෙම සම්මානයත් සමග, 60,000 කට අධික සාමාජික-සාමාජිකාවන් පිරිසකගේ දායකත්වයෙන් 2019/20 වසර සඳහා සියලූම අපනයන කාණ්ඩ අතරින් මෙරට ආර්ථිකයට වැඩිම දායකත්වය ලබාදෙන අපනයනකරු ලෙස බ‍්‍රැන්ඩික්ස් සිය ප‍්‍රමුඛස්ථානය තවදුරටත් තහවුරුකර ගැනීමට සමත්ව සිටී.

මෙම සම්මානයට අමතරව, 2019/20 කාලපරිච්ෙඡ්දය සඳහා ‘අපනයන සැපයුම් දාමය සඳහා කලාපීය දායකත්වය’, ‘නැගී එන වෙළඳපොළවල විශිෂ්ටතම ක‍්‍රියාකාරීත්වයක් පෙන්නුම් කළ අපනයනකරු’ සහ, ‘විශිෂ්ටතම අපනයනකරු සම්මානය – ඇඟලූම් – මහා පරිමාණ කාණ්ඩය’ සඳහා වන කාණ්ඩ සම්මානය ද හිමිකර ගැනීමට බ‍්‍රැන්ඩික්ස් සමාගම සමත් විය. තවද 2020/21 කාලපරිච්ෙඡ්දය සඳහා ‘අපනයන සැපයුම් දාමය සඳහා කලාපීය දායකත්වය’ යන කාණ්ඩයේ සමස්ත ජයග‍්‍රහණය ද බ‍්‍රැන්ඩික්ස් වෙත හිමි විය. තවද, බ‍්‍රැන්ඩික්ස් සමාගමේ ඒකාබද්ධ ව්‍යාපාරික හවුල්කාර InQube Global සමාගම ද පළමු වරට 2019/20 වසර සඳහා වසරේ නැගී එන අපනයනකරු ලෙස සම්මානයට පාත‍්‍ර වූයේය.

advertistmentadvertistment
advertistmentadvertistment