භරණ ඇතාගේ මරණයේ රහස

370


ගල්කිරියාගම පොලිස් වසමට අයත් ජාතික නාමල් උයන වැව අසලදී ඉකුත් දා භරණ නමැති හස්තියා මිය ගියේ ගල්කිරියාගම පොලිසියට අනුබද්ධව සේවය කරන පොලිස් නිලධාරියෙකු විසින් අදින ලද නීතිවිරෝධී විදුලි රැහැනක පැටලීමෙන් බව අනාවරණය වී ඇත. විදුලිය වැදී ඇතා මිය ගිය පසුව ඉහත කී පොලිස් නිලධාරියා විසින් ඇතා පැටලී සිටි විදුලි රැහැන් හොර රහසේ ගලවාගෙන ගොස් අසල ළිදකට දමා තිබියදී වන ජීවී නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර, තවත් රැහැන් තොගයක් ඔහුගේ නිවසේ තිබී සොයා ගත් බව උසස් වන ජීවී නිලධාරියෙක් පැවසීය. මෙම පොලිස් නිලධාරියා ඇතා මිය යාමෙන් පසුව එම ස්ථානයේ රාජකාරි සදහාද යොදවා සිටි බව කියනු ලබන අතර, මේ වන විට නිවස හැර ගොස් ඇතැයි කියනු ලැබේ

advertistmentadvertistment
advertistmentadvertistment