භරණ මියගියේ පොලිස් නිලධාරියා ඇද්ද විදුලි රැහැන නිසා  

240

පස්සේ රහසේම රැහැන ගලවාගෙන ගිහින්

ගල්කිරියාගම පොලිස් වසමට අයත් ජාතික නාමල් උයන වැව අසල දී ඉකුත් දා භරණ නමැති හස්තියා මිය ගියේ ගල්කිරියාගම පොලිසියට අනුබද්ධව සේවය කරන පොලිස් නිලධාරියකු විසින් අදින ලද නීතිවිරෝධී විදුලි රැහැනක පැටලීමෙන් බව අනාවරණය වී ඇත.

විදුලිය වැදී ඇතා මිය ගිය පසුව ඉහත කී පොලිස් නිලධාරියා විසින් ඇතා පැටලී සිටි විදුලි රැහැන් හොර රහසේ ගලවාගෙන ගොස් අසල ළිඳකට දමා තිබියදී වන ජීවී නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර, තවත් රැහැන් තොගයක් ඔහුගේ නිවසේ තිබී සොයා ගත් බව උසස් වන ජීවී නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය. මෙම පොලිස් නිලධාරියා ඇතා මිය යෑමෙන් පසුව එම ස්ථානයේ රාජකාරි සඳහා ද යොදා සිටි බව කියනු ලබන අතර, මේ වන විට නිවස හැර ගොස් ඇතැයි කියනු ලැබේ.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment