මේ දිනවල දිවයින පුරා සාර්ථකව තිරගත වන ”භවතරණ” සිනමා පටයේ නිළි රැජින මාලනී ෆොන්සේකා සම`ගින් ප්‍රධාන නළු භූමිකාවට පණ පොවන්නේ සිනමාවට හඳුන්වාදෙන සජීව් රාජපුත්‍ර යි. රිදී තිරයේ සේම පුංචි තිරයේ ද ඔහු ශාක්‍ය බස්නායක නමින් ”පියාඹන මූණිස්සම්” ටෙලි නාට්‍ය තුළින් පේ්රක්ෂකයා අතරට පැමිණෙනවා. මේ රජිව් ස්වකීය කලා කටයුතු ගැන දැක්වූ අදහස්…
”ඇත්තටම කලාව කියන්නේ මට අලුත් දෙයක් නොවෙයි. පාසල් අවධියේ පටන්ම හිතෙත් ඇඟේත් තිබූ දෙයක්. ඒ හැඟීම යථාර්ථයක් බවට පත් වුණේ ”භවතරණ” චිත්‍රපටයේ පුලස්තිගේ චරිතය හරහායි. ”භවතරණ” මට බොහෝ පාඩම් කියා දුන් නිර්මාණයක් වගේම, මිනිසුන් නොමිනිසුන් කවුදැයි කියා වටහා ගැනීමටත් අවස්ථාව සලසා දුන් නිර්මාණයක්. ඒ අවබෝධයම මා වෙනත් මානයකට ගෙන ගියා. ඒ නිසාම මා තීරණය කළා මගේ රාජපුත්‍ර ප්‍රඩක්ෂන් නිෂ්පාදන ආයතනය හරහා සක්රීයවම සිනමාවට සම්බන්ධ වීමට. කියන්න කනගාටුයි. සමහර චිත්‍රපට අධ්යක්ෂවරුන් නිෂ්පාදකයින්ව නොමග යවනවා. ඒ අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරවමින්. අධ්යක්ෂවරයාට වගකීමක් තියෙනවා, නිෂ්පාදකවරයාව රැක ගැනීමට. නමුත් බොහෝ අධ්යක්ෂවරුන් එසේ කරන්නේ නැහැ. නිර්මාණයේ වැඩ නිම වූවාට පසුව තමුන්ගේ වගකීමත් නිෂ්පාදකවරයාවත් අමතක කරනවා. එය වැරදි පූර්වාදර්ශයක්. එයින් අසරණ වන්නේ නිෂ්පාදකවරයායි. ඒ වගේම වගකීම් විරහිත අධ්යක්ෂවරුන් නිසා තමයි චිත්‍රපට 150කට අධික ප්‍රමාණයක් තිරගත කර ගැනීමට නොහැකිව සිරවී පවතින්නේ. නිෂ්පාදකවරු ඉදිරිපත් නොවුණහොත් සිනමාවට අනාගතයක් පවතින්නේ නැහැ.
ඉදිරියේදී මම ඒ තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ කරනවා. දැනටමත් තීරණයක් ගෙන අවසන් ජපානය හා එකතුව දැවැන්ත සිනමා නිර්මාණයක් ඉදිරිපත් කිරීමටත් එය භාෂා කිහිපයකින් යුතුව ලෝකය පුරා ප්‍රදර්ශනය කර වීමටත්. සිනමාව කවදාවත් නැතුව යන්නේ නැහැ, සිනමාව පවතින ආකාරයට හා පේ්රක්ෂකයාට ගෝචර වන අන්දමට නිර්මාණ ඉදිරිපත් කරනවා නම්. හොලිවුඞ් බොලිවුඞ් චිත්‍රපට තිරගත කර සතියෙන් දෙකෙන් ආදායම් වාර්තා පිහිටුවද්දී, එම කාලය තුළ අපේ චිත්‍රපට සිනමාශාලා තුළින් ගැලවී යන්නත් හේතුව ලෙස මා දකින්නේ අපේ නිර්මාණකරුවන්ගේ නිර්මාණශීලීත්වයේ ඇති පිරිහීමයි. අතිශයින්ම දියුණුව කරා ළඟාවන ලෝක සිනමාව හා අපි අත්වැල් බැඳ නොගතහොත් හා ඒ තාක්ෂණය සම`ගින් අනුගත නොවුණහොත් සිංහල සිනමාව වළපල්ලට යෑම වළකාලිය නොහැකි වනු ඇත. ඒ නිසාම නිෂ්පාදකවරයාගේ භූමිකාවට අමතරව මා අධ්යක්ෂවරයකු බවටත් ඉදිරියේදී පත් වේවි. අධ්යක්ෂවරයකුගේ කාර්යභාරය හා වගකීම කෙබ`දුද යන්න මා හොඳාකාරම තේරුම්ගෙන සිටින නිසා එය අභියෝගයක් නොවන බව මට විශ්වාසයි.”