භාණ්ඩ පෝලිම් තවදුරටත්: ඩොලර් අවුල නව වසරේත් – ආර්ථික හා මූල්‍ය විශේෂඥයෝ කියති

381

වරින්වර රටට විදේශ විනිමය ලැබීම් සම`ග මෙරට විදේශ සංචිත තත්ත්වය වර්ධනය වුවත් විශාල ණය වගකීම් දිගට ම පියවීමට තිබෙන නිසා දැනට මුහුණ දෙන ඩොලර් ප‍්‍රශ්නයට මේ වසරේ (2022) දීත් මුහුණ දීමට සිදුවනු ඇතැයි ආර්ථික හා මූල්‍ය විශේෂඥයෝ පවසති.

ඒ අනුව භාණ්ඩ හි`ගයන්, භාණ්ඩ මිලදී ගැනීමට දිගු පෝලිම්වලට වී සිටීමට සිදුවීම, ණයවර ලිපි විවෘත කර ගැනීමේ ප‍්‍රශ්න සහ තවදුරටත් ආනයනික භාණ්ඩ මිල ගණන් ඉහළ යෑම වැනි අහිතකර තත්ත්වයන්ට මේ වසර පුරා ද මුහුණ දීමට සිදුවනු ඇති බව ද ඔවුහු සඳහන් කරති.

මේ විනිමය අර්බුදය සමනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයන්නේ නම් ඒ සඳහා ශක්තිමත් විකල්ප වැඩපිළිවෙළක් රජය සහ මහ බැංකුව සතුව තිබිය යුතු බව ද ඔවුහු සඳහන් කරති.

මහ බැංකුවේ උපායමාර්ග එතරම් ප‍්‍රතිඵලදායී වී නැති බව ද ඔවුහු සඳහන් කරති.

මහ බැංකුව පසුගියදා ප‍්‍රකාශ කළ පරිදි රටේ දළ නිල සංචිත ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් දක්වා මේ වනවිට වර්ධනය වී තිබේ. එසේම දේශීය වෙළෙඳපොළේ විදේශ මුදල් ද්‍රවශීලතාව ඉහළ දැමීම සඳහා ගත් ක‍්‍රියාමාර්ග නිසා විදේශ සංචිත තත්ත්වය තවදුරටත් ගොඩනැඟීමට උපකාරී වනු ඇතැයි මහ බැංකුව පවසයි.

අපනයනවල ශක්තිමත් ක‍්‍රියාකරීත්වය සහ සංචාරක කර්මාන්තය යථාතත්ත්වයට පත්වීමත් සමග ආර්ථිකයේ විදේශ අංශය ශක්තිමත් වනු ඇති බව ද ඒ අනුව 2022 වසර පුරා විදේශ සංචිත හිතකර තත්ත්වයක පවතිනු ඇතැයි ද මහ බැංකුව අපේක්‍ෂා කරයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment