භාණ්ඩ මිල පාලනය මුදලාලිලාට දීලා ජනයා අමාරුවේ දාලා… නාමල් කරුණාරත්න

124

රජය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය ව්‍යාපාරිකයින් අතට පත් කිරීමෙන් ජනතාව වඩාත් අසරණභාවයට පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික නාමල් කරුණාරත්න මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

භාණ්ඩ මිල පාලනය කර ගැනීම වෙනුවෙන් අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයා සහ හදිසි නීතිය ද භාවිතයට ගත හැකි වූවත් රජය හදිසි නීතිය භාවිතා කරනුයේ රජයට විරුද්ධව නැෙඟන ජනතා හඬ මර්දනයට පමණකැයි ද ඒ මහතා චෝදනා කළේය.

අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු සියලූ දේ රජයේ මිල පාලනයෙන් ගිලිහී යෑමට ඉඩ හැරීමෙන් මුදලාලිලාට ජාතිය අමතා තමන් කැමති ආකාරයෙන් භාණ්ඩ මිල පාලනය කිරීමකට රජය ඉඩ ලබාදීම නිසා ජනතාව වඩාත් දුකට පත්ව ඇතැයි ද හෙතෙම පැවසීය. ගෑස්, කිරිපිටි, සිමෙන්ති, සීනි සහ එන්නත් පෝලිම් ද රට පුරා පැවතියත් ඒ කිසිවක් නොදැකපු ආණ්ඩුව අවසානයේ භාණ්ඩ මිල පාලනය මුදලාලිලා පිට පටවා නිහඬ වීම අනුමත කළ නොහැකි බවත් රජය හදිසි නීතිය ගෙන ආවේ පෝලම් යුගයක් නැවත ඇතිවීම නිසා මතුවන ජනතා විරෝධයන් මර්දනය කිරීමට දැයි තමන් විමසා සිටින බවත් නාමල් කරුණාරත්න මහතා කියා සිටියේය. කෙසේ වෙතත් ආණ්ඩුවට එල්ල වන ජනතා විරෝධතාවයන්ගෙන් පෙනී යන්නේ ‘ෆේල් ආණ්ඩුවේ’ අවසානය ළඟා වී ඇති බව යැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment