භාණ්ඩ 623 ක් ගෙන්වීමට මුදල් තැන්පත් කළ යුතු බවට ආණ්ඩුව ගෙන ආ චක‍්‍රලේඛය නිසා මහා පරිමාණ ආනයනකරුවන්ට සුවිශේෂ බලයක් දී සුළු පරිමාණ ව්‍යාපාරිකයන් අසහනයට ලක්කරලා

161

– පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක

භාණ්ඩ 623 ක් මෙරටට ගෙන්වීම සඳහා මුදල් තැන්පත් කළ යුතු බවට ආණ්ඩුව ගෙන ආ චක‍්‍රලේඛය හේතුවෙන් මහා පරිමාණ ආනයනකරුවන්ට සුවිශේෂ බලයක් දී මධ්‍යම සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන් අසහනයට ලක්කර ඇතැයිද එමගින් පාරිභෝගිකයින්ද අනාථ වන බව සමගි ජන බලවේග ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (13දා) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

මේ රටේ ආනයනය අධෛර්යමත් කරන්න සහ දේශීය නිෂ්පාදන වැඩි දියුණු කරන්න පියවර ගත්ත කියලා ආණ්ඩුව කියනවා. ඒ වගේම මූල්‍ය අර්බුදයට විසඳුමක් විදිහට ක්ෂේත‍්‍ර සඳහා මේ ආකාරයෙන් මුදල් ඉතිරි කර ගැනීමත් මේ තුළින් බලාපොරොත්තු වෙනවා කියලා ආණ්ඩුව කියනවා. නමුත් සිදුවන ප‍්‍රතිවිපාක පිළිබඳව ආණ්ඩුවේ විග‍්‍රහයක් කරලා තිබෙනවද? අපි දැනගන්න කැමතියි. මේ භාණ්ඩ 623ක් නතර කර තිබෙන්නේ ආණ්ඩුව සැබෑ ලෙසම මේ පවතින ආර්ථික සහ මූල්‍ය ප‍්‍රශ්න තේරුම් අරගෙනද කියලා.

මේ රටට භාණ්ඩ ආනයනය කරන විශාල පිරිසක් සිටිනවා. එම පිරිස අතර සුළු මධ්‍යම පරිමාණ සහ මහා පරිමාණ මේ භාණ්ඩ ආනයනය කරන කණ්ඩායම තුළ සිටිනවා. ව්‍යාපාරිකයන් ඉන්නවා. ඒ අතරින් 100%ක් මුදල් තැන්පත් කරලා භාණ්ඩ ආනයනය කළ හැකි පිරිසක් හා මහා පරිමාණ ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් සිටින බව අපි දන්නවා. මෙතනදි සිදු වන පළමු කාරණය තමයි මහා පරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනකුට භාණ්ඩ ආනයනය කිරීමට සුවිශේෂ බලයක් ලබා දීම. ආණ්ඩුව මේ චක‍්‍රලේඛය හරහා ක‍්‍රියාත්මක කර තිබෙන බව පේනවා.

හේතුව මධ්‍යම පරිමාණ හා සුළු පරිමාණයෙන් භාණ්ඩ ලැයිස්තුවේ ඇති භාණ්ඩ ආනයනය කරන ව්‍යාපාරිකයන්ට මුළු මුදලම තැන්පත් කරලා භාණ්ඩ ආනයනය කිරීමේ හැකියාවක් තිබෙනවා. ඔවුන් බොහෝවිට කරන්නේ බැංකු හරහා ණයවර ලිපි නිකුත් කරලා ඒ හරහා සුළු මුදලකින් භාණ්ඩ ආනයනය කර භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවලා ඒවා මුදල් කරලා මේ කටයුත්ත සිදු කිරීමයි. දැන් සිදුවෙන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනකුට පමණක් වෙළෙඳ ඒකාධිකාරයක් නිර්මාණය කිරීමට ආණ්ඩුව අවකාශය සලසා දීම.

මෙහි සිය ගණනක් වූ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් ව්‍යාපාර වලින් ඈත් කරලීමට ද ආණ්ඩුව මේ තුළින් ආණ්ඩුව අපේක්ෂා කරන්නේ. මේ ව්‍යාපාරිකයන් කිහිප දෙනකු විසින් නියම කරල තියෙන නියමයන්වලට අනුව මුදල් තැන්පත් කරලා භාණ්ඩ ලංකාවට ආනයනය කිරීම හරහා වෙළෙඳ ඒකාධිකාරියක් ගොඩනඟනවා.

විශේෂයෙන්ම මිල නියම කිරීම ඔවුන්ට අවශ්‍ය පරිදි කරන්න පුළුවන් ඒත් එක්කම ඒකාධිකාරීය හරහා අනෙක් ව්‍යාපාරිකයන් නැති කිරීම පමණක් නෙමෙයි. භාණ්ඩවල මිල දැනටමත් අනාවැකි සහ මේ පිළිබඳව පුරෝකථනයන් කරන අය කියන ආකාරයට භාණ්ඩවල මිල 40% ඉහළ යා හැකියි.

මෙම ක‍්‍රියාමාර්ගය නිසා හේතුව කිහිප දෙනෙක් විතරයි මේවා ආනයනය කරන්නේ ඔවුන්ට මිල තීරණය කිරීමේ අයිතිය පවරනවා. ඒ හරහා ඔවුන්ට අවශ්‍ය මිල නියම කරන්න පුළුවන් මේ තුළින් පාරිභෝගිකයන්ට බරපතළ අසාධාරණයක් සිදුවෙනවා. ඒ වෙනුවෙන් ආණ්ඩුව කිසිම ක‍්‍රියාමාර්ගයක් ගැන සලකා බලා නැහැ.

මේ හරහා අපේ රට හුදකලා තත්ත්වයකට ලක් වෙනවා. මේ රටේ ජනතාව හොඳින්ම දන්නවා අපි රට රටවල් අතර වෙළෙඳ ගිවිසුම් තිබෙනවා. ඒ වගේම ආනයන අපනයන දෙකම කරන රටක්. එතකොට අපි අපනයනය කරන භාණ්ඩ යවන රටවලින් ආනයනය කරන භාණ්ඩ ආනයනය කිරීම සාමාන්‍යයෙන් වෙළෙඳ ශේෂයේ ඒවා ගැන ඕනෑම රටක් සැලකිලිමත් වෙනවා. එහිදී මේ හරහා අපනයනය කරන භාණ්ඩ එම රටවල් ගැනීමටත් ඔවුන්ගේ රටවල භාණ්ඩ අපි ආනයනය කිරීමත් අතර සමබරතාවක් සැමවිටම වෙළෙඳ ශේෂයේ සමබර කරන්න රටවල් පාවිච්චි කරනවා. එය ආර්ථික විශ්ලේෂණයක්. නමුත් ප‍්‍රශ්නය අපි භාණ්ඩ යැවීම නතර කිරීමත් අපේ බඩු පමණක් යවන්නත් කියන තීන්දුව මත ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳව ගැටලූ ගණනාවක් මතු වෙන බවත් ආණ්ඩුව සලකා බලා නැහැ.

මේ නිසා සිදුවන්නේ අවසානයේ අපි මේ කියන විදියට විනිමය ඉතිරි කර ගන්න දේශීය නිෂ්පාදනයන් වැඩිදියුණු කරන්න ආණ්ඩුව කියන විදිහට ආනයනය ආදායමත් කරන්න තීරණය ගත්ත ද එය ක‍්‍රියාත්මක කරලා අවසානයේ ප‍්‍රතිඵල කණ්ඩායම් දෙකකට තදින් බලපානවා. එකක් තමයි මේ භාණ්ඩ ආනයනය කිරීම සඳහා සම්බන්ධ වෙලා හිටපු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මිල ගණන් පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක මේ ආකාරය වෙළෙඳපොළ දෙනවා. ඒ වගේම මේ නතර කිරීම හරහා ආණ්ඩුව වෙළඳ ඒකාධිකාරියක් නිර්මාණය කරමින් තවත් ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳව ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙනවා. කොහොමද මේකෙන් වාසියක් වෙන්නේ.

මෙහිදී සජබ කළුතර දිස්ති‍්‍රක් සංවිධායක නයනක රන්වැල්ල මහතා ද අදහස් දැක්වීය.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment