භානුකට ආරාධිත විස්සයි විස්සත් අහිමිවෙයි

319

භානුක රාජපක්ෂහට එළැඹෙන ආරාධිත විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය අහිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බවට කි‍්‍රකට් ආරංචි මාර්ග සඳහන් කරයි. නිමාවූ ඉන්දීය තරගාවලියේදී සිදු වූ ඇඟිල්ලක ආබාධය තවමත් සුව නොවීම හේතුවෙන් භානුකට මෙම තරගාවලිය අහිමිවන බව එහිදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වැඩිදුරටත් වාර්තා කර සිටී.

එළැඹෙන දකුණු අපි‍්‍රකානු තරගාවලිය සහ විස්සයි විස්ස ලෝක කුසාලන තරගාවලිය ඉලක්ක කර ගනිමින් පැවැත්වීමට නියමිත ආරාධිත විස්සයි විස්ස කි‍්‍රකට් තරගය ලබන 12 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ. එ් අනුව එම තරගාවලියේදී දසුන ශානකගේ නායකත්වයෙන් යුත් ගේ‍්‍ර කණ්ඩායමේ සංචිතය සංඳහා භානුක රාජපක්ෂ නම් කර තිබිණි. කෙසේ වෙතත් භානුකගේ ආබාධිත තත්ත්වය හේතුවෙන් තව දුරටත් වෛද්‍ය ප‍්‍රතිකාර සිදු කිරීමට නියමිත බවත් අදාළ ආරාධිත කි‍්‍රකට් තරගාවලියට කී‍්‍රඩා නොකරන ලෙසත් භානුකට වෛද්‍ය උපදෙස් ලැබී ඇති බවට සඳහන් වේ.

මේ අතර ආරාධිත විස්සයි විස්ස තරගාවලිය සඳහා නම්කර සිටි මොහොමඞ් ෂිරාස් සහ නිමේෂ් විමුක්තිට කොරෝනා ආසාදනය වී තිබේ. මේ හේතුවෙන් ඔවුන් දෙදෙනාටද ආරාධිත තරගාවලිය අහිමිවන අතර මෙම තත්ත්වය තරගාවලිය පැවැත්වීමට බාධාවක් නොවන බව සංවිධායක මණ්ඩලය ප‍්‍රකාශ කර සිටී.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment