භානුක, අවිශ්ක නැති සංචිතයක් ඉන්දියාවට එරෙහිව නම් කෙරේ

448

ඔස්ටේ‍්‍රලියාව සමඟ පැවැති පන්දුවාර 20-20 කි‍්‍රකට් තරගාවලියේදී ආබාධයන්ට ලක්වූ අවිශ්ක ප‍්‍රනාන්දු, නුවන් තුෂාර සහ රමේශ් මෙන්ඩිස් එළඹෙන ඉන්දීය පන්දුවාර 20-20 තරගාවලියෙන් ඉවත්කර ඇති අතර අදාළ තරගාවලිය සඳහා නම් කරනු ලබනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටි භානුක රාජපක්ෂ ද එම සංචිතයට ඇතුළත් කර නොමැත.

ශාරිරික යෝග්‍යතාවය පෙන්වීමට නොහැකි වීම මත කී‍්‍රඩාවෙන් ඉවත්වීමට ද තීරණය කර කී‍්‍රඩා ඇමැතිවරයාගේ මැදිහත්වීමෙන් පසුව එම අදහස වෙනස් කරගත් භානුක රාජපක්ෂ කිලෝමීටර් දෙකේ දිවීමේ පරීක්ෂණයෙන් සමත් වුව ද ස්කින්ෆෝල්ට් පරීක්ෂණය අසමත්වීම නිසා අදාළ සංචිතයට නම් කර නොමැති බව වාර්තා වේ.

ඔස්ටේ‍්‍රලියා සංචාරයට එක් වූ අවිශ්ක ප‍්‍රනාන්දුට සති 6ක පමණ කාලයක් ද, නුවන් තුෂාරට සහ රමේෂ් මෙන්ඩිස්ට ද සති දෙකක පමණ කාලයක් ද ආබාධ හේතුවෙන් කි‍්‍රකට් දිවියෙන් බැහැරව සිටීමට වෛද්‍ය උපදෙස් ලැබී ඇත.

ඔස්ටේ‍්‍රලියාව සමඟ පසුගියදා නිමා වූ පන්දුවාර 20-20 තරගාවලියට කී‍්‍රඩා කළ කී‍්‍රඩකයන්ට අමතරව ඉන්දීය සංචාරය සඳහා නවක දඟ පන්දු යවන්නකු වන අශේන් ඩැනියෙල් එක්කර ඇත.

අදාළ සංචිතය සඳහා කී‍්‍රඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කරයි.

18 දෙනකුගෙන් යුත් සංචිතයේ නායකත්වය දසුන් ශානකට පවරා ඇති අතර උප නායක ලෙස චරිත් අසලංක නම් කර තිබේ.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ කී‍්‍රඩකයන් අතරින් කුසල් පෙරේරා සහ ධනංජය සිල්වා ද මෙම සංචිතයට එක්කර නොමැති අතර කුසල් පෙරේරා ආබාධ තත්ත්වයක් මත මෙම සංචාරයට එක්කර නොමැති බව වාර්තා වේ.

ඔස්ටේ‍්‍රලියාව සමඟ පැවැති අවසන් පන්දුවාර 20-20 තරගයේදී ජාත්‍යන්තර වරම් දිනාගත් කමිල් මිෂාර සහ ජනිත් ලියනගේ ද ඉන්දීය සංචාරයට ඇතුළත් කී‍්‍රඩකයන් 18 දෙනා අතරේ රැුඳී සිටිති.

ඔවුන්ට අමතරව පිතිකරුවන් ලෙස පැතුම් නිශ්ශංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක සංචිතයට එක්ව සිටින අතර කඩුලූ රැුකිමේ කාර්ය සඳහා දිනේෂ් චන්දිමාල් පත්කර ඇත.

තුන් ඉරියව් කී‍්‍රඩකයන් ලෙස නායක දසුන්ට අමතරව චාමික කරුණාරත්නද, දඟ පන්දු යවන්නන් ලෙස වනිඳු හසරංග, ප‍්‍රවීන් ජයවික‍්‍රම, ජෙෆ්රි වැන්ඩසේ, අශේන් ඩැනියෙල් ඉන්දියාවට එරෙහි සංචිතයට නම් කර තිබේ.

ලහිරු කුමාර, දුෂ්මන්ත චමීර, ශිරාන් ප‍්‍රනාන්දු සහ බිනුර ප‍්‍රනාන්දු ඉන්දියාව බලා යන වේග පන්දු යවන කී‍්‍රඩකයෝ වෙති.

දෙරට අතර පළමු පන්දුවාර 20-20 තරගය ලබන 24 වැනිදා ලක්නව්හිදී ද, දෙවැනි සහ තුන්වැනි පන්දුවාර 20-20 තරග පිළිවෙළින් 26 වැනිදා සහ 27 වැනිදා ධර්මසාලා හිදී පැවැත්වේ.

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment