භානුක ඉල්ලා කි‍්‍රකට් ආයතනය ඉදිරිපිට පිරිසක් උද්ඝෝෂණයේ  

308

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වූ භානුක රාජපක්ෂ ඉන්දීය සංචාරයට එක් කර නොගැනීම පිළිබඳව විරෝධය පළ කරමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඉදිරිපිට ඊයේ (22 වැනිදා) දහවල් පිරිසක් උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූහ.

භානුක රාජපක්ෂව කණ්ඩායමට එක් කර ගන්නා ලෙසත් ඔහු ඉන්දීය සංචාරයෙන් නොසලකා හැරීම අසාධාරණ බවත් කියමින් විරෝධතා පුවරු රැුගත් 50 කට අධික පිරිසක් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට එක් වූහ.

විරෝධතාවට සහභාගිවූ පිරිස එම ස්ථානයෙන් රථ වාහන ගමන් කරන විට වරෙක ‘හු’ කියමින් උන්මත්තකයින් ලෙස හැසිරුණු බව ද ඔවුන්ගේ විරෝධතා පුවරුවල දැක්වුණු ඇතැම් සටහන් ප‍්‍රසිද්ධ ස්ථානවල ප‍්‍රකාශ කිරීමට තරම් නුසුදුසු ඒවා බව ද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.

භානුක ඉල්ලා කි‍්‍රකට් ආයතනය ඉදිරිපිට පිරිසක්  උද්ඝෝෂණයේ  
ඉන්දීය සංචාරය සඳහා කි‍්‍රකට් කී‍්‍රඩක භානුක රාජපක්ෂගේ නම ඉවත් කිරීම සම්බන්ධයෙන් කි‍්‍රකට් පේ‍්‍රක්ෂකයින් පිරිසක් කොළඹ ටොරින්ටන්හි පිහිටි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඉදිරිපිට ඊයේ (22 දා) දහවල් විරෝධතාවක නිරත වූ අයුරු. ඡායාරූපය – තුෂාර අතපත්තු

ඒ අතර ‘‘ඇඟ බැලූවනම් 96 අර්ජුනත් නැහැ, වර්ල්ඞ් කප් එකත් නැහැ, භානුකට සාධාරණය ඉටු කරනු.’’ ආදී සටන් පාඨ ද එල්ලා ගත් පිරිස් වූහ.

කෙසේ වෙතත් අදාළ පිරිසගෙන් අඩකට වැඩි ප‍්‍රමාණයක් පැය භාගයක් පමණ ගත වෙද්දී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඉදිරිපිටින් නික්ම ගොස් ඇති අතර ඉතිරි පිරිස දහවල් දෙක පමණ වන තෙක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඉදිරිපිට රැුඳී සිටිමින් සිය විරෝධතා දැක්වූ බව වාර්තා වේ.

එසේ විරෝධතා දැක්වූවන් වරෙක ‘‘බෝන් අගේන්ට ජය වේවා’’ කියමින් කෑ ගැසූ බව ද අදාළ ප‍්‍රකාශකයා සඳහන් කළේය.

ඉන්දීය කි‍්‍රකට් තරග සංචාරයට ඇතුළත් පන්දුවාර 20-20 තරගාවලිය ඉලක්ක කර ගනිමින් පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේ දෙවැනි පරීක්ෂණය වූ ස්කින්ෆෝල්ඞ් පරීක්ෂණය අසමත් වීම හේතුවෙන් භානුක රාජපක්ෂ අදාළ තරගාවලියට එක් කර නොගැනිණි.

භානුක රාජපක්ෂගේ ස්කින්ෆෝල්ඞ් අගය අවසන් පරීක්ෂාවේදී ඒකක 102 ක් ලෙස සටහන් වී ඇති අතර එහි තිබිය යුතු උපරිම අගය ලෙස සැලකෙන්නේ 85 කි. ස්කින්ෆෝල්ඞ් අගය ඒකක 70 සිට 85 දක්වා මට්ටමට ගෙන ඒමට හැකි බවට භානුක රාජපක්ෂ පොරොන්දු වී ඇති නිසා ඉන්දීය සංචාරය ඉලක්ක කරගෙන ජෛව ආරක්ෂිත බුබුළක දින 06 ක කාලයක් ද භානුක රැුඳී සිට ඇත.

ඊට පෙර පැවති දිවීමේ පරීක්ෂණය වන කිලෝමීටර් දෙකක් විනාඩි 2යි තත්පර 35ක් තුළ අවසන් කිරීමේ කඩඉම සාර්ථකව අවසන් කළ භානුක ඉන්දීය සංචාරයට එක්වීම සඳහා හෝටලයක නිරෝධායනය වුවත් ස්කින්ෆෝල්ඞ් පරීක්ෂණය අසමත් වූ ඔහුට අදාළ හෝටලයේ සිට නැවත නිිවස කරා යන්න සිදු වී ඇත.

මේ පිළිබඳව උරණ වූ අය අතරින් පිරිසක් ඊයේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඉදිරිපිට අදාළ විරෝධතාවට එක්ව සිටියහ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment