භානුක සහ අසලංක ශී‍්‍ර ලංකාවට අලංකාර ජයක් ගෙනෙයි

1223

චරිත් අසලංකගේ අලංකාර පිතිහරඹය සහ භානුක රාජපක්ෂගේ දක්ෂ පිතිහරඹය සමග 2021 පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සුපිරි වටයට විශිෂ්ට ආරම්භයක් ලබාගත් ශ‍්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට ඊයේ (24 වැනිදා) සාජා පිටියේ අමිහිරි මතක ඉතිරි කළේය.

කාසියේ වාසිය දිනාගත් ශ‍්‍රී ලංකා නායකයාගෙන් ලද ආරාධනයෙන් උපරිම ප‍්‍රයෝජන ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුවද ඔවුන් රැුස් කළ ලකුණු 171 කඩුලූ 5ක් දැවී ඉක්මවා යන්නට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ ශ‍්‍රී ලංකා පේ‍්‍රක්ෂකයන්ගේ ප‍්‍රීති ප‍්‍රමෝදයේ ඝෝෂාව මධ්‍යයේය.

ජයග‍්‍රහණය හඹා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස කුසල් ජනිත් පෙරේරා ලකුණු 1කට පළමු පන්දු වාරයේදීම දැවී ගිය අතර පැතුම් නිශ්ශංක සහ එකතු වූ චරිත් අසලංක ශ‍්‍රී ලංකා ඉනිම ගොඩනැ`ගීමට කටයුතු කළහ.

පැතුම් නිශ්ශංක ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව 71ක් වෙද්දී ලකුණු 24 කට ශකීබ් අල් හසන්ගේ පන්දුවකට දැවී ගිය අතර ලකුණු අතර සිටි අනෙක් පිතිකරුවා වූ අවිශ්ක ප‍්‍රනාන්දු ද ලකුණු නොලබා ක‍්‍රීඩාගාරයට යළි හරවා යැවීමට ශකීබ් සමත් වූයේය.

භානුක සහ අසලංක ශී‍්‍ර ලංකාවට අලංකාර ජයක් ගෙනෙයි
භානුක රාජපක්ෂ

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු අල්ප කරමින් වනි`දු හසරංග ද ලකුණු 6 කට පිටියෙන් ඉවත් වූ අතර පළමු පන්දු වාර 10 තුළදී කඩුලූ 4ක් ලකුණු 80කට බිඳී ගොස් තිබුණි.

ජයග‍්‍රහණයේ මාවත ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් එපිටට ඇදී යන්නට සැරසෙමින් තිබියදී එය සිය දෑතේ රැ`දි පිත්තෙන් නතර කරගෙන සිටි චරිත් අසලංක භානුක රාජපක්ෂගේ සවිය සමගින් ශ‍්‍රී ලංකාව විශිෂ්ඨ ජයග‍්‍රහණයකට කැඳවාගෙන ගියේය.

චරිත් අසලංක පන්දු 32කදී අර්ධ ශතකය වාර්තා කළ අතර ඒ වන විටත් ඔහු සිය ඉනිම 4 පහර 4කින් සහ 6 පහර දෙකකින් අලංකාර කර තිබුණි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම ජයග‍්‍රහණය කරා යන තෙක් සිය අන්තය ආරක්ෂා කර ගත් අසලංක පන්දු 49කදී ලකුණු 80ක් ලබාගත් අතර ඉන් පන්දු 5 ක් හතරේ සීමාවට ඉහළින් ඇදී ගොස් තිබුණි.

ඕවර් 13ක් නිමා වන විට ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 4ක් දැවී ලකුණු 105ක් ලබා සිටී අතර බංග්ලාදේශ නායකයා ක‍්‍රියාත්මක කළ තරගයේ 14වෙනි පන්දු වාරය අලංකාර 6 පහරවල් දෙකක් සමගින් හැඩ කෙරූ චරිත් අසලංක සාජා ක‍්‍රීඩාංගණයට රැුස්ව සිටී ශ‍්‍රී ලාංකික පේ‍්‍රක්ෂකයන් අමන්දානන්දයට පත් කළේය.

මහමදුල්ලාගේ එම පන්දු වාරය තුළදී ලකුණු 16ක් උදුරා ගත් අතර ශ‍්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනා මොහොමඞ් සයිෆුඞීන් ක‍්‍රියාත්මක කළ පන්දු වාරය ලකුණු 22කින් පුරවනු ලැබුවේය.

එම පන්දු වාරයේ පළමු පන්දු දෙකකම නරඹන්නන් අතරට පියාසර කර යැවූ ඊයේ දින සිය 30 වෙනි ජන්ම දිනය සැමරූ භානුක රාජපක්ෂ පන්දු 28කදී අර්ධ ශතකය ලබා ගන්නා විට ඔහු සිය කණ්ඩායම වෙනුවෙන් වුවමනාවටත් වඩා යුතුකම් ඉටු කර තිබිණි.

ලකුණු 53ක් ලෙස භානුක රාජපක්ෂගේ ඉනිම නිමා වන විට ශ‍්‍රී ලංකාව ජයග‍්‍රහණයට ලකුණු 7ක් මෙපිටින් සිටියේය. සිය විශිෂ්ඨ ඉනිම නිමා කර පිටියෙන් ඉවතට යමින් සිටි ජයග‍්‍රහණයේ සගයා වෙනුවෙන් දුව ඇවිත් සුබපැතුම් එක් කිරීමටද ජයග‍්‍රහණය් නියමුවා වූ චරිත් අසලංක අමතක කළේ නැත.

අසලංක හා භානුක අතර ගොඩනැඟුනු ලකුණු 86 ක සම්බන්ධතාවයේ වැඩි බරක් භානුක රාජපක්ෂ විසින් දරනු ලැබීය. ඔවුන් දෙදෙනා අතර ගොඩනැගුණු එම සම්බන්ධතාවය 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලියක වාර්තා වු ඉහළම ලකුණු සම්බන්ධතාව ලෙසින් සටහන් වෙද්දී මෙම ලකුණු හඹා යෑම ශ‍්‍රී ලංකා කණ්ඩායමක් පන්දු වාර 20 – 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියකදී වැඩිම ලකුණු හඹා යෑම ලෙස වාර්තා පොත්වලට එක් විය.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරතවූ ආරම්භක පිතිකරු මොහොමඞ් නයිම් ලකුණු 61ක් ලබා ගත් අතර ඔහු මුහුණ දුන් 44 වෙනි පන්දුවේදී එල්ල කළ 4 පහරත් සමගින් බංග්ලාදේශ කණ්ඩායමේ ලකුණු 100 සහ නයිම්ගේ අර්ධ ශතකය වාර්තා විය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව සිය සුපුරුදු තර්ජනාත්මක පිතිහරඹයේ නිරත වූ මුෂ්ටෆිෂර් රහීම් 6 පහර දෙකක් සමග ලකුණු 57 ක් නොදැවී ලබා ගත්තේය.

පන්දු 32කදී ඔහු අර්ධ ශතකය ලබා ගත් අතර ඉනිමේ අවසන් පන්දුවටද හතරේ පහරක් එල්ල කරමින් බංග්ලාදේශ ලකුණු පුවරුව 171ක් දක්වා ඉහළ දැමුවේය.

බංග්ලාදේශ කණ්ඩායමේ පළපුරුදුම පිතිකරු වූ සකීබ් අල් හසන්ගේ කඩුල්ල ලකුණු 10කට දවා ගැනීමට චාමික කරුණාරත්න සමත් වූ අතර ඔහු සිය පන්දු වාර 3 තුළදී ප‍්‍රතිවාදීන්ට ලබා දී තිබුණේ ලකුණු 12ක් පමණි.

ලින්ටන් දාස් ලහිරු කුමාර හමුවේ දැවී ගිය අතර අසීෆ් හුසේන්වද දුවද්දී දවා ගැනීමට ලහිරු සමත් වූයේය.

ලකුණු සටහන

බංග්ලාදේශය පන්දුවාර 20දී කඩුලූ 4ක් දැවී ලකුණු 171යි (මොහොමඞ් නයිම් 62, ලිටන් දාස් 16, ෂකිබ් අල් හසන් 10, මුෂ්ෆිකර් රහීම් (නොදැවී) 57, අෆිෆ් හසන් 07, මහමුදුල්ලා (නොදැවී) 10, චාමික කරුණාරත්න 12/1, බිනුර ප‍්‍රනාන්දු 27/1, ළහිරු කුමාර 29/1)

ශී‍්‍ර ලංකාව පන්දුවාර 18.5කදී කඩුලූ 5ක් දැවී ලකුණු 172යි (කුසල් පෙරේරා 01, පැතුම් නිස්සංක 24, චරිත් අසලංක (නොදැවී) 80, අවිශ්ක ප‍්‍රනාන්දු 00, වනිඳු හසරංග 06, භානුක රාජපක්ෂ 53, දසුන් ශානක (නොදැවී) 01, නසුම් අහමඞ් 29/2, ෂකීබ් අල් හසන් 17/2, මොහොමඞ් සයිෆුඞීන් 38/1)

කුෂාන් සුබසිංහ සාජා සිට…

advertistmentadvertistment
advertistmentadvertistment