භානුක සහ ඇන්ජලෝ ජගත් පිටියට සමුදෙති

1409

කී‍්‍රඩකයෙකු, ස්වාමිපුරුෂයෙකු ලෙස තමාගේ තත්ත්වය ඉතා පරිස්සමින් සලකා බැලූ බවත් මෙම තීරණය ගන්නේ පියා සහ ඒ ආශි‍්‍රත පවුල් බැඳීම් අපේක්ෂාවෙන් බවත් සඳහන් ලිපියක් ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ආයතනයට යොමු කරමින් ශී‍්‍ර ලංකා සීමිත පන්දුවාර තරග රටාවේ බලාපොරොත්තු සහිත මැදපෙළ පිතිකරු භානුක රාජපක්ෂ ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියට ඊයේ (05 වැනිදා) සමුදුන්නේය.

එක්දින තරග සහ පන්දුවාර 20-20 තරග රටාවලදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අංක 03, අංක 04, අංක 05 ස්ථානවල පන්දුවට පහර දෙන භානුක රාජපක්ෂ එක්දින තරග 5 කටත්, පන්දුවාර 20-20 ජාත්‍යන්තර තරග 18 කටත් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කී‍්‍රඩා කර ඇත.

තවමත් 30 හැවිරිදි වියේ පසුවන භානුක රාජපක්ෂ එක්දින තරග 5 තුළදී ලකුණු 89 ක් ලබා ගෙන ඇති අතර එහි ඉහළම ලකුණු සංඛ්‍යාව 65 කි. පන්දුවාර 20-20 තරග 18 කදී භානුක ලකුණු 320 ක් රැුස් කර ඇති අතර ඊට හයේ පහර 18 ක් සහ හතරේ පහර 25 ක් ඇතුළත් කර ගෙන තිබේ. පන්දු 100 කදී ලකුණු 135 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා කිරීමේ ප‍්‍රහාරයක වේගයක් රඳවා ගෙන ඇති භානුක වේගයෙන් පන්දුවට පහර දෙන කී‍්‍රඩකයකු ලෙස ප‍්‍රකටය.

මේ අතර දකුණත් පිතිකරු ඇන්ජලෝ පෙරේරා ද ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. ඇන්ජලෝ පෙරේරා ශී‍්‍ර ලංකාව වෙනුවෙන් එක්දින තරග 6 කට සහ පන්දුවාර 20-20 තරග 6 කට කී‍්‍රඩා කර ඇති අතර ඔහු අවසන් වරට ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරගයකට කී‍්‍රඩා කළේ 2019 ඔක්තෝම්බර් මස 09 වැනිදාය. පකිස්තානයට එරෙහිව පැවැති එම තරගයෙන් පසුව ශී‍්‍ර ලංකා කණ්ඩායමට එක් වීමට වරම් නොලද ඇන්ජලෝ ද සිය සමුගැනීම පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත් කර ඇත.

භානුක රාජපක්ෂගේ හදිසි සමුගැනීම පිටුපස ඔහු සඳහන් කරන හේතුවට අමතරව ඔහුගේ ශරීරික යෝග්‍යතාවය පිළිබඳ ප‍්‍රශ්නයක් ද පසුබිම් කතාවේ පවතින බව අභ්‍යන්තර කි‍්‍රකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ශාරීරික යෝග්‍යතාව පිළිබඳ ඇති වූ ප‍්‍රශ්න මත මීට පෙර ද භානුකට කණ්ඩායමට එක් වීමට බාධාවන් එල්ල විය. කිලෝමීටර් 2 ක දුරක් විනාඩි 8 යි තත්පර 10 ක් තුළ අවසන් කිරීමේ අභියෝගයට ශී‍්‍ර ලංකා කණ්ඩායම හෙට සුගතදාස පිටියේදී මුහුණ දීමට නියමිතව තිබියදී භානුක මෙම හදිසි තීරණය ප‍්‍රකාශය කිරීම ඊට ආසන්නම හේතුවයි.

මීට පෙර එම පරීක්ෂණයේ සඳහන් වූයේ කිලෝමීටර් 2ක දුරක් විනාඩි 8යි තත්පර 35 ක් ඇතුළත දුවමින් අවසන් කිරීම වුවත් දැන් එය විනාඩි 8 යි තත්පර 10 ක් තුළ කී‍්‍රඩකයන් අවසන් කළ යුතුව ඇත.

සිම්බාබ්වේට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියට කී‍්‍රඩකයන්ගේ ශාරීරක යෝග්‍යතාවය මැන බැලීම පිණිස යෝග්‍යතා පරීක්ෂණය හෙට පැවැත්වෙන අතර කී‍්‍රඩකයන්ගේ ශරීරයේ තැන්පත් මේද තට්ටුවේ අගය මැනීම සම්බන්ධයෙන් ද පෙරට වඩා තද තීරණයකට ඒමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ.

ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඇතුළත් වීමට නම් කී‍්‍රඩකයන් තමන්ගේ ශරීරයේ තැන්පත් මේද තට්ටුවේ අගය මීට පෙර 85 කට වඩා අඩු අගයක පවත්වාගෙන යා යුතුව තිබිණි. දැන් එම සීමාව 70 ට අඩු කර ඇත.

පසුගියදා නිමාව දුටු ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළ භානුක රාජපක්ෂ 2020 වසරේදී තම කණ්ඩායම අවසන් මහා තරගයට ගෙන ඒමට නායකත්වය ලබා දුන්නේය.

සියලූම ආකාරයේ පන්දුවාර 20-20 තරග 105 කදී ලකුණු 1912 ක් වාර්තා කිරීමට භානුක සමත් වී ඇති අතර ඇන්ජලෝ පෙරේරා විස්සයි විස්ස තරග 114 කදී ලකුණු 2000 සීමාව ඉක්මවා ඇත.

ජාත්‍යන්තර තරග පිටියෙන් සමුගත්තත ද ඔවුන් දෙදෙනා පි‍්‍රමියර් ලීග් තරග ඇතුළු අනෙකුත් තරගාවලි සඳහා සහභාගි වීමට නියමිත බව ද කිය වේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment