භාරකාර ආණ්ඩුවකට යන්න සජිත්ට – අනුරට පස්සේ ජනාධිපති වෙන්න පුළුවන්

689

පාර්ලිමේන්තුවේ සියලූදෙනා මාස 06 ක් අවංකවම එක්ව මේ රට වැටුණු අගාධයෙන් ගොඩ ගනිමු යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි හරින් ප‍්‍රනාන්දු මහතා ඊයේ (6 දා) පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් කරමින් පැවසීය.

රටට මෙච්චර ප‍්‍රශ්නයක් වෙලා තියෙද්දීත් පාර්ලිමේන්තුවේ පක්‍ෂවලට එකතුවන්න බැරිනම් අපේ දේශපාලනයෙනුත් වැඩක් නැහැ යැයි ද මන්තී‍්‍රවරයා කියා සිටියේය.

රට සංවර්ධනය කරන්න අපි හැමෝම එක තැනකට එන්න ඕනෑ. මේ රට කරන්න ඕන. මට අපේ පක්‍ෂයෙනුත් බනියි. ඒත් කමක් නැහැ. සජිත් පේ‍්‍රමදාස මහතාට පස්සේ ජනාධිපති විය හැකියි. අනුර කුමාර දිසානායකට පස්සේ ජනාධිපති විය හැකියි. මොන දේ කරන්නත් ජනතාව ජීවත් කරවිය යුතුයි. අපි දේශපාලනය කරන්නේ මේ ජනතාව නිසයි. අපට මේ වගේ වෙලාවකවත් එකතු වෙන්න බැරිනම් වැඩක් නැහැ.

මේ වෙලාවේ අපට වගකීමක් තියෙනවා රට වෙනුවෙන් මැදිහත් වෙන්න. පුළුවන් නම් හර්ෂ ද සිල්වා වගේ උගතෙක්, මධ්‍යස්ථ මිනිසෙක් ජනපති කරවමු. මාස හයක් එකතුව රට කරමු රටේ ප‍්‍රශ්නවලට විසඳුම් දෙන්න අපි සුදානම් විය යුතුයි.

ඉදිරියේදී දේශපාලනය වෙනසක් විය යුතුයි. කැබිනට් එකට සියයට 50 කින් වත් තරුණ අය සිටිය යුතුයි. අඩුම ගානේ වයස 70 න් වත් දේශපාලනඥයන් විශ‍්‍රාම යැවිය යුතුයි. අපි හැමෝම එක්ව භාරකාර ආණ්ඩුවක් හදලා මාස 6 කින් රට හදමු. ඒ සඳහා එකතු වෙමු යැයි ද කීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment