භාෂණයේ නිදහස වළ දමන්න බැහැ – ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න

312

රජයට එරෙහිව කුමන්ත‍්‍රණය කිරීම සහ මහජනතාව පෙළඹවීම ආදී චෝදනා නඟමින් කොළඹ උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් සමාජ කි‍්‍රයාකාරිකයකු වන තිසර අනුරුද්ධ බණ්ඩාර නමැති විශ්වවිiාල ශිෂ්‍යයා රුපියල් ලක්‍ෂයක ශරීර ඇපමත මුදාහරින ලෙස අලූත්කඬේ අංක 06 මහෙස්ත‍්‍රාත්වරයා පෙරේදා (2 දා) රාති‍්‍ර නියෝග කළේය.

තිසර බණ්ඩාර නමැති විශ්වවිiාල සිසුවා නාඳුනන සන්නද්ධ කණ්ඩාමක් විසින් පෙරේදා අලූයම ගම්පොලදී පැහැරගත් බවට සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ පුළුල් ප‍්‍රචාරයක් ලබාදී තිබිණි. පැහැර ගැනීමට ලක්වූ තිසර බණ්ඩාර මෝදර පොලිසියේ රඳවාගෙන සිටින බව පෙරේදා දහවල් අනාවරණය විය.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා කියා සිටියේ තිසර බණ්ඩාර කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ප‍්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බවයි.

රජය අපහසුතාවට පත්වන ආකාරයෙන් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ තොරතුරු පළ කිරීම, මහජනතාව ප‍්‍රකෝපයට පත් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙන බවද තල්දුව මහතා කියා සිටියේය.

පසුව තිසර බණ්ඩාර ශිෂ්‍යයා පෙරේදා සවස අලූත්කඬේ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු වෙනුවෙන් නීතිඥවරු 150 කට අධික පිරිසක් ස්වෙච්ඡුාවෙන් නොමිලේ පෙනී සිටීමට ඉදිරිපත්ව සිටියහ.

ඒ අනුව නීතිවේදීන් විශාල පිරිසක් මෝදර පොලිස් ස්ථානය වෙතත් වරාය පොලිසිය වෙතත් පෙරේදා එක්රොක් වෙමින් ඔහුට යුක්තිය ආරක්‍ෂා ලබාදීමට මහත් වෙහෙසක් දරනු දක්නට තිබිණි.

මෙම සිදුවීම පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා මෙසේ පැවැසීය.

අනුරුද්ධ බණ්ඩාර නමැති මේ සැකකරු ඊයේ මධ්‍යම රාති‍්‍රයේ ගම්පොල ප‍්‍රදේශයේ නිවසේ මවත්, පියත්, සොහොයුරියත් සමග නිදාගෙන සිටින විට තමයි පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත්තේ. ඔහු අත්අඩංගුවට අරන් අද දිනය වෙනකොට පැය 24 ක් ගතවෙලා ඔහුව මහෙස්ත‍්‍රාත්වරයාට ඉදිරිපත් කළා. ඔහු සමාජ මාධ්‍ය ජාලා කි‍්‍රයාකාරිකයෙක්. ඔහු සඳහන් කරලා තියෙනවලූ ‘ගෝඨා ගෝ හෝම්’ කියලා. අද අපි ගරු මහෙස්ත‍්‍රාත්තුමා ඉදිරියේ පෙන්වා සිටියේ මේ පුද්ගලයා කළැයි ඒ අය කියන කාරණය විශේෂයෙන්ම දණ්ඩ නීති සංග‍්‍රහයේ 12 වගන්තිය යටතට වැටෙන්නේ නැති විත්තිය. ඒ අනුව අපි කියා සිටියා වැඩිදුරට ඕනේනම් විමර්ශන කරන්න. මොහුව රිමාන්ඞ් බන්ධනාගාරයට පත් කිරීම තරම් සාධක කිසිවක් නැති විත්තිය. විශේෂයෙන්ම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 17 වැනි ව්‍යවස්ථාවේ සලස්වලා දීලා තියෙනවා භාෂණයේ නිදහස. ඒ භාෂණයේ නිදහස ප‍්‍රකාර මොහුට පුළුවන් ඕනම ආකාරයක සාධාරණ විවේචනයක් කරන්න.

නීතිඥ සුනිල් වටගල මහතා මෙසේ කියා සිටියේය.

මෙතරම් නීතිඥ ප‍්‍රජාවක් මේ ස්ථානයට පැමිණියේ ඔවුන්ගේ පෞද්ගලික ගැටලූවක් විසඳ ගන්න නොවෙයි. මේ අය ඇවිත් තියෙන්නේ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ගැටලූවක් ඇතිවෙලා තියෙනවා ඒ ගැටලූව බේර ගන්න. ශී‍්‍ර ලංකාවේ පොලිසිය අත්අඩංගුවට ගත්තාට පස්සේ තමයි පැමිණිල්ලක් පොලිසියට කැඳවාගෙන තියෙන්නේ. අත්අඩංගුවට අරගෙන තමයි සාක්‍ෂි හොයන්නේ. මොහුව අත්අඩංගුවට ගත්තේ අපේ‍්‍රල් 2 වැනිදා පැමිණිල්ල කැඳවාගෙන තියෙන්නේ 3 වැනිදා. පැහැදිලියි මේක දේශපාලනික අරමුණක් බව.

මෙම අවස්ථාවට විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාද මනුෂ නානායක්කාර මහතා ඇතුළු මහජන නියෝජිතයන්, සිවිල් කි‍්‍රයාකාරීන්ද එම ශිෂ්‍යයාගේ සුවදුක් විමසීමෙන් අනතුරුව ප‍්‍රකාශ කර සිටියේ. මෙමඟින් භාෂණයේ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් අමු අමුවේ උල්ලංඝණය කිරීමක් සිදුකර ඇති බවයි.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment