භික්ෂුන් වහන්සේ කිහිපනමක් උතුරේ පුරා විද්‍යා ස්ථාන නිරීක්ෂණ චාරිකාවක

271

ජාතික සංවිධාන කිහිිපයක් නියෝජනය කරණු ලබන භික්ෂුන් වහන්සේලා උතුරේ පුරා විද්‍යා ස්ථාන රැසක නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

ඒ අනුව වව්නියාව නන්දිමිත‍්‍ර සෙන්පතියාගේ බල කොටුවක්ව පැවති කිඹුලාගල ප‍්‍රදේශය, සපුමල්ගස්කඩ පුරාණ රජමහා විහාර්ථානය සහ මුලතිව් කරුන්දාශෝක විහාරස්ථානයේ උන් වහන්සේලා සංචාරය කළහ. මෙම පුරාවිද්‍යා හා ශාසනික වශයන් ඉතාමත් සුවිශේෂි ස්ථාන ඉකුත් යුද සමයේ වන ගතව පැවැති අතර යුද්ධය නිමවීමත් සමග මේ වන විට එම පුදබිම් හා පුරාවිද්‍යා ස්ථාන මහ ජනතාවට වැදුම් පිදුම් කිරීමට හා නැරඹිමට අවස්ථාව හිමිව තිබේ. මෙම සංචාරය සඳහා ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, සමන්ත භද්‍ර හිමි ඇතුළු හිමිවරුන් පිරිසක් සහභාගි වූහ.

මුලතිව් – ප‍්‍රසන්න ප‍්‍රදිප්

advertistmentadvertistment
advertistmentadvertistment