භුමිතෙල් මිල වැඩි වීම සුළු ධිවරයින්ට මරු පහරක්ලු

129


භුමිතෙල් මිල වැඩිවිම සුළුපන්න ධිවර කර්මිකයින්ට දරාගත නොහැකි බවත් ඉදිරියේ දි සුළු පන්න ධිවර කර්මාන්තය දැඩි කඩාවැටිමකට ලක්විය හැකි බැව් සමස්ත ලංකා පොදුධිවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා පවසයි.
ගාල්ලේ දි පැවති මාධ්‍ය හමුවකදි භුමිතෙල් මිල වැඩිවිම පිළිබද අදහස් දක්වමින් හෙතෙම මෙසේද කිවේය.
භුමිතෙල් මිල වැඩිකරලා රජය විසින් සුළු පන්න ධිවර කාර්මිකයාට කනේ පහරක් ගහලා තියෙනවාග භුමිතෙල් ලිටරයක මිල සියයට 291කින් වැඩිවෙලා තිබෙනවා. සුළුපන්න ධිවර කාර්මිකයෙකු දිනකට භුමිතෙල් ලිටර් 40ක් භාවිතා කළහොත් භුමිතෙල් සදහා දිනකට අමතර වියදමක් ලෙස රුපියල් දසදහසක මුදලක් වැයකිරිමට සිදුවෙලා තිබෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment