භූමිතෙල් පෝලිම්වලත් ගැටුම් වහාම ක්‍රමවේදයක් හදන්න – ජනතාව මැසිවිලි නඟති

110

භූමිතෙල් ලබාගැනීම සඳහා ඉන්ධනහල් වෙත පැමිණෙන පාරිභෝගික ජනතාවට බලධාරීන් විසින් මෙතෙක් නිසි ක්‍රමවේදයක් සකසා නොදීම නිසා ජනතාව මහත් දුෂ්කරතාවට පත්ව සිටිති.

භූමිතෙල් ලබාගැනීම සඳහා පාරිභෝගිකයන් තමන්ට ආසන්නම පිරවුම්හලට ගියද වෙනත් ප්‍රදේශවල ජනතාවද භූමිතෙල් ලබාගැනීම සඳහා එම ස්ථානවලට පැමිණීම නිසා අදාළ ප්‍රදේශයේ ජනතාව මහත් අපහසුතාවයට ලක්ව සිටිති.

මෙවන් තත්ත්වයක් යටතේ භූමිතෙල් ලබාගැනීමට පිරවුම්හල්වලට පැමිණෙන ජනතාව අතර ගැටුම් සහ කෝලාහල ඇතිවීම නිසා තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවට ඇතැම් ප්‍රදේශවල ජනතාව මැසිවිලි නඟති. ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරී හෝ බලයලත් නිලධාරියකු මූලිකව නිසි ක්‍රමවේදයක් වහාම සකස් කළ යුතු බව ජනතාව පවසති.

සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment