භූමිතෙල් බෙදා හැරීම  19 දා සිට අඛණ්ඩව – මිලත් වැඩි වෙන ලකුණු:

130

බොරතෙල් නැව් දෙකක් ළඟ ළඟ එයි
පිරිපහදුවටත් කොළ එළි – ඇමැති කංචන විජේසේකර කියයි


භූමිතෙල් බෙදා හැරීම ලබන 19 වැනිදා සිට යළි අඛණ්ඩව සිදු කිරීමට හැකි බව විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10 දා) සඳහන් කළේය.

කෙසේ වෙතත් භූමි තෙල් මිල ගණන් වැඩි කිරීමට ක්‍රියා කිරීමට සිදුවන බව ද දැනට පවතින භූමිතෙල් මිල අඩු බැවින් මේ වන විටත් පෞද්ගලික බස් රථ භූමිතෙල් අවභාවිත කරන බව ද හෙතෙම කීය.

ලබන 13 දා සහ ලබන 29 දා මෙරටට බොරතෙල් නැව් දෙකක් පැමිණීමට නියමිත බව ද පළමු බොරතෙල් නෞකාව මෙරටට පැමිණි පසුව සපුගස්කන්ද පිරිපහදුව නැවත ආරම්භ කිරීමෙන් දින 03කට පසුව භූමිතෙල් නිෂ්පාදනය ඇරඹිය හැකි බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

මේ අතර ධීවර, වැවිලි සහ අඩු ආදායම්ලාභීන් සඳහා වෙනම වැඩ පිළිවෙළක් යෝජනා වී ඇතැයි ද හෙතෙම කීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන සහ ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment