භූමිතෙල් මිශ්‍ර ඩීසල් ලීටර් 4600ක් යාත්‍රාවෙන් අත්අඩංගුවට

100

දක්ෂිණ නාවික හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මාතර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් සමග එක්ව කරන ලද වැටලීමක දී මිරිස්ස ධීවර වරායේ යාත්‍රා අංගනයේ නවතා තිබූ ‘ලක්මාලි’ බහුදින යාත්‍රාව තුළ විකිණීම සඳහා සඟවා තබන ලද භූමි තෙල් මිශ්‍ර ඩීසල් ලීටර් 4600ක් සහ එම යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලිසිය පවසයි.

මේ අනුව ඩීසල් පුරවන ලද බැරල් 19ක් පොලිස් භාරයට ගෙන ඇත. ශ්‍රී ලංකාවේ මෑතකදී කරන ලද වැටලීමකදී ඩීසල් මෙතරම් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම වැටලීමේදී බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගන්නා ලද ඩීසල් තොගය සහ සැකකරු මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ලලිත් පත්මසිරි – වැලිගම

advertistmentadvertistment
advertistmentadvertistment