භූමිතෙල් ලබා නොදුන්නැයි උරණ වූ දෙදෙනා ඉන්ධන හලේ වීදුරුව කඩා දෙලක්‍ෂ අසූදාහක් රැගෙන යද්දී අයෙක් මාට්ටු  

403

ත‍්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනකු විසින් පෙරේදා (24 දා) රාත‍්‍රී ගාල්ල කලේගානේ පිහිටි ඉන්ධන පිරවුම්හලට ඇතුල් වී මුදල් ගනිමින් සිටි අයකැමිට පහරදී රුපියල් 280000 ක මුදලක් කොල්ලකාගෙන පලායමින් සිටියදි එක් අයෙකු ඉන්ධන පිරවුම්හලේ සේවකයින් විසින් අල්ලා පොලිසියට භාරදී ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.

ඉන්ධන පිරවුම්හල වසා මුදල් අයකැමි විසින් මුදල් ගනිමින් සිට ඇත. එම

අවස්ථාවේ ත‍්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනකු විසින් භුමිතෙල් ලබා නොදීම සම්බන්ධයෙන් බහින් බස්වීමක් ඇතිවී තිබේ. පසුව ඉන්ධන පිරවුම්හලේ වීදුරුවලට හිස්වැසුමකින් පහරදී වීදුරුව කුඩුකර එම කාමරයට ඇතුල්වී ඉන්ධන මුදල් කොල්ලකා ඇත. පලාගිය එක් අයෙක් අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment