භූමි තෙල් ළිප ගිනි ගානට විකිණීමෙන් ජනතාව කබලෙන් ළිපට!

766

ගෑස් ලිප් පුපුරා යාමත් සමග මේ වන විට හැටන් හා ආශ‍්‍රිත ප‍්‍රදේශවල භූමිතෙල් උදුන් මිලද දැඩි ලෙස ඉහළ ගොස් ඇත.

මේ වන විට රට තුළ සිදුවන ගෑස් ලිප් පුපුරා යාමත් සමග බොහෝ පිරිසක් ගෑස් ලිප් භාවිතයෙන් ඉවත්ව දර හා භූමිතෙල් ලිප් සඳහා යොමුව ඇති අතර එයින්ද වැඩි පිරිසක් භූමිතෙල් ලිප් භාවිතයට ගැනීමට පෙළඹී ඇත.

රුපියල් 2,200 ත් 3,500ත් අතර මිලකට පසු ගිය දිනවල අලෙවි කළ භූමි තෙල් ලිප් ගෑස් ලිප් පුපුරා යාමත් සමග රුපියල් 7,000ත් 9,000ත් අතර දක්වා ඉහළ මිලකට අලෙවි වන බවත් මෙම තත්වයන් මත තමන් කබලෙන් ලිපට වැටෙන තත්වයන්ට පත්ව ඇති බවත් එම පිරිස් පවසති.

හැටන්- මනුර සුදත් සෙල්ලහේවා

advertistmentadvertistment
advertistmentadvertistment