භූ චලනයෙන් පාසලක් කඩාවැටී ළමුන් 26ක් මියයෑම නිසා වැඩ අධ්‍යක්‍ෂ වසර 208ක සිර දඬුවමක්

257

මෙක්සිකෝවේ පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටී ළමුන් 26 ක් මරුමුවට පත්වීම නිසා එම පාසලේ වැඩ අධ්‍යක්‍ෂකට අධිකරණය විසින් වසර 208 ක සිර දඬුවමක් නියම කර ඇත. මෙම පාසල් ගොඩනැගිල්ල කඩාවැටී ඇත්තේ භූ චලනයක් නිසාය. එසේම මියගිය ළමුන්ගේ මව්පියන්ට ඩොලර් 19,000 ක වන්දියක් ගෙවන ලෙස ද අධිකරණය නියෝග කර ඇත. මෙලෙස සිර දඬුවම් නියම වී ඇත්තේ ජුවාන් මාරියෝ ගාමන් නමැත්තෙකුටය. මෙම පාසලේ සැකිල්ල ගැන වගකිව හැකි යැයි මෙම වැඩ අධ්‍යක්‍ෂවරයා සහතික කර තිබූ බව අධිකරණය ඉදිරියේදී හෙළිවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment