භූ විද්‍යා ලොක්කා ගෙදර යවයි අධ්‍යක්‍ෂ ජනරාල්ගේ වැඩ අත්හිටුවයි

271

භූ විද්‍යා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති එස්. එච්. පී. මංජුල මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

එමෙන්ම එම කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ රාජකාරී කටයුතු අත්හිටුවීමට ද ජනාධිපතිවරයා තීරණය කර ඇත.

මෙම නිලධාරීන්ට විවිධ චෝදනා එල්ල වී තිබුණි. ත්‍රිකුණාමලය සාෆි නගර්හිදී වැලි කැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුනට චෝදනා එල්ල කරමින් පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ පැවති පරිසර අමාත්‍යාංශ අයවැය කාරක සභා අවස්ථාවේදී මන්ත්‍රීවරු කරුණු දැක්වූහ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment