භෞතික විද්‍යාව සඳහා වන 2022 නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනකුට

652

මෙම වසරේ (2022) භෞතික විද්‍යාව සඳහා ලබා දෙන නොබෙල් ත්‍යාගය ස්වභාව ධර්මය කුඩා පරිමාණයෙන් විස්තර කරන ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කළ භෞතික විද්‍යාඥයන් තිදෙනෙකු වන ඇලේන් ඇස්පෙක්ට්, ජෝන් ක්ලොසර් හා ඇන්ටන් සෙයිලින්ගර් හට පිරිනැමීමට නොබෙල් කමිටුව විසින් පියවර ගෙන තිබේ.

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය හිමිව ඇති විද්‍යාඥයන් තිදෙනාගෙන් ඇලේන් ඇස්පෙක්ට් 75 වැනි වියෙහි පසුවන ප්‍රංශ විද්‍යාඥයකු වන අතර ජෝන් ක්ලොසර් 79 හැවිරිදි වියෙහි පසුවන ඇමරිකානු විද්‍යාඥයකු වේ. තුන්වැනි විද්‍යාඥයා වන ඇන්ටන් සෙයිලින්ගර් 77 හැවිරිදි වියෙහි පසු වන ඔස්ට්‍රියානු ජාතිකයෙකි. මෙම නොබෙල් ත්‍යාගලාභීන් තිදෙනා විසින් ලොව ඉතාමත්ම වේගයෙන් සංවර්ධනය වන විද්‍යාවක් වන ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව පදනම් කරගත් තොරතුරු තාක්ෂණ විද්‍යාව සම්බන්ධයෙන් වැදගත් පර්යේෂණ සිදු කළ භෞතික විද්‍යාඥයන් තිදෙනෙකු සේ සැලකේ. ඔවුන්ගේ නව සොයාගැනීම් නිසා ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව පදනම් කරගත් නව තාක්ෂණයන් බිහි වීමට මග පෑදී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය සමග මෙම විද්‍යාඥයන් තිදෙනා හට නොබෙල් කමිටුවෙන් ස්වීඩන් ක්‍රෝනාර් මිලියන 10ක මුදලක් (පවුම් අට ලක්ෂයක) මුදලක් ලැබෙනු ඇත. මෙම විද්‍යාඥයන් තිදෙනා හට 2010 වසරේදී වුල්ෆ් නමැති ජාත්‍යන්තර ත්‍යාගය ද සමසේ හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment