මංගල උත්සවයකට යද්දී 17 දෙනෙක් විදුලි කෙටීමෙන් මරුට

627

බංග්ලාදේශයේ ”‍ශිබ්ගාන්ජ් ”‍නගරයේ පැවති මංගල උත්සවයකට සහභාගී වීම සඳහා යමින් සිටියදී එකම පවුලේ 05 දෙනකු ඇතුළු අමුත්තන් 17 දෙනකු පමණ විදුලි කෙටීමට ගොදුරැ වී පෙරේදා  (04දා) මිය ගොස් ඇත. එහිදී මනාලයා ඇතුළු තවත් 15 දෙනෙකු තුවාල ලබා ප‍්‍රතිකාර සඳහා වෛද්‍ය මධ්‍යස්ථානයකට ඇතුළත් කර තිබේ .

 මෙසේ මියගොස් ඇති පිරිස මනාලයාගේ පාර්ශවයේ අය වන අතර ඔවුන් පද්මා ගෙඟහි බෝට්ටුවකින් ගමන් කරන අතරතුර ගිමන් හැරීම සඳහා මඩුවක නතර වී සිටියදී ඇද හැලූ‍ණු ධාරාණිපාත වර්ෂාවත් සමග හටගත් ව්දුලි කෙටීම හේතුවෙන් මෙම අනතුරට මුහුණ පා තිබේ .සෑම වසරකම දකුණු ආසියාවේ රටවල සිය ගණනක් විදුලි කෙටීමට ගොදුරු වීමෙන් මිය යන අතර බංග්ලාදේශය 2016 වසරේ සිට විදුලි කෙටීම ස්වභාවික ආපදා තත්ත්වයක් ලෙස නම් කර ඇත .

advertistmentadvertistment
advertistmentadvertistment