මංගල උත්සව සදහා සහන

171

කොවිඩ් පාලන නව මාර්ගෝපදේශ අනුව මංගල උත්සව එළිමහනේ පැවැත්වීම සිදු කරන්නේ නම් ආරාධිතයන් සංඛ්‍යාව මීට පෙර පැවති 150 සංඛ්‍යාවේ සිට 250ක් දක්වා ලිහිල්කර තිබේ.

ශාලාවල පැවැත්වෙන මංගල උත්සව සඳහා සහභාගී වීමට අවසර හිමිවූ 150ක පිරිස නව මාර්ගෝපදේශවලට අනුව උත්සව ශාලාවේ ධාරිතාවයෙන් තුනෙන් එකක් හෝ උපරිම 200ක් මංගල උත්සවය සඳහා සහභාගී වීමට අවසර ලැබේ.

නමුත් මත්පැන් භාවිත කිරීමට අවසර නොලැබෙයි.

එසේම පැවති සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් ලිහිල් කරමින් සිනමා ශාලාවල පැවති 50% ධාරිතාව 75% දක්වා වැඩිකර ඇත.

මේ අතර මරණයක් සිදුවූ විට සිරුර නිදහස් කර පැය 24ක් ඇතුළත එහි අවසන් කටයුතු සිදුකළ යුතු බව නව මාර්ගෝපදේශ වල දැක්වේ.

මරණ ගෙදර එක් අවස්ථාවක සිටිය හැකි උපරිම ගණන 20කි.

advertistmentadvertistment
advertistmentadvertistment