මංගල ටික ටික සුව අතට

1163

කොවිඞ් ආසාදිතව රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව රෝහල් ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.

 කෙසේ වෙතත් ඔහුගේ ශරීර සෞඛ්‍ය යම් තරමක අවධානමක පැවැති බව එම ප‍්‍රකාශකයා සඳහන් කළ අතර ඊයේ (18 දා) වනවිට ඔහුගේ තත්ත්වය යහපත් බව ද සඳහන් කළේය.

 මංගල සමරවීර මහතා මියගිය බවට සහ මරණාසන්නයේ පසුවන බවට කටකතා සමාජ මාධ්‍ය ජාලයන්හී තොරතුරු ප‍්‍රචාරය විණි.

 ඒ සියල්ල අසත්‍ය බවත් හිටපු ඇමැතිවරයාගේ තත්ත්වය යහපත් වෙමින් පවතින බවත් ඔහුට සමීප ප‍්‍රකාශකයකු පැවැසීය.

advertistmentadvertistment
advertistmentadvertistment