මංගල ලෙජන්ඩ්ස් කිරුළේ උරුමය සොයා ලෙජන්ඩ්ස්ලා අද සටනේ

576

පළමු වරට පැවැත්වෙන ලෙජන්ඩ්ස් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඒසියා ලයන්ස් කණ්ඩායම සහ වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම අතර ඕමානයේ අල් අමරට් ක‍්‍රීඩාංගණයේදී අද (29 වෙනිදා) රාත‍්‍රී 8.00ට පැවැත්වේ.

ඒසියා ලයන්ස් කණ්ඩායමේ නායක මිස්බා උල් හක් විසින්ද වර්ල්ඞ් ජයන්ට්ස් කණ්ඩායම නායක ඩැරන් සැමී විසින්ද මෙහෙයවනු ලබති.

ලෙජන්ඞ්ස් ලීග් ක‍්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් තුනක් සහභාගි වූ අතර එහිදී ඉන්දීය මහරාජාස් කණ්ඩායම තරග තුනක් පරාජය වීම හේතුවෙන් අවසන් මහ තරගය සඳහා වරම් ලැබීමට අපොහොසත් වූයේය.

ඉන්දීය මහරාජාස් කණ්ඩායම සහ වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම අතර පෙරේදා (27 වෙනිදා) රාත‍්‍රී පැවති තරගයෙන් ලකුණු 5 ක තියුණු ජයග‍්‍රහණයක් ලබා ගැනීමට වර්ල්ඞ් ජයන්ට්ස් කණ්ඩායම සමත් විය.

ලකුණු 229ක් ජයග‍්‍රහණය සඳහා හඹා ගිය ඉන්දීය මහරාජාස් කණ්ඩායමට අවසන් පන්දු වාරයේදී ජයග‍්‍රහණය සඳහා ලකුණු හතක් අවශ්‍යව තිබූ අතර එහෙත් වර්ල්ඞ් ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් එම පන්දු වාරය ක‍්‍රියාත්මක කළ බ්‍රෙට් ලී ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් ඉන්දීය මහරාජාස් කණ්ඩායමට ලකුණු 5 ක පරාජයක් අත් විය.

ඒ අනුව අවසන් මහා තරගය සඳහා ඒෂියා ලයන්ස් කණ්ඩායම සහ වර්ල්ඞ් ජයන්ට්ස් කණ්ඩායම සුදුසුකම් ලැබූ අතර වර්ල්ඞ් ජයන්ට්ස් කණ්ඩායම මූලික වටයේ තරග හතර අතරෙන් තරග තුනක් ජයග‍්‍රහණය කර ප‍්‍රසාද ලකුණු හයක් ලබාගෙන එම සටහනේ පෙරමුණේ සිටී. ඒසියා ලයන්ස් කණ්ඩායම එම වටයේ තරග 4 අතරින් තරග 2ක් ජයගෙන ප‍්‍රසාද ලකුණු 4ක් ලබා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගෙන ඇත. ඉන්දීය මහරාජාස් කණ්ඩායම මෙම තරගාවලිය යටතේ ජයග‍්‍රහණය කළේ ඒසියා ලයන්ස් කණ්ඩායම සමග පැවැති පළමු තරගය පමණි. ඒසියා ලයන්ස් කණ්ඩායම සහ වර්ලඞ් ජයන්ට්ස් කණ්ඩායම තරගාවලිය යටතේ මුහුණට මුහුණ මුණ ගැසුණු අවස්ථා දෙකෙන් එක් අවස්ථාවක් ඒසියා ලයන්ස් කණ්ඩායමත් අනෙක් අවස්ථාව වර්ල්ඞ් ජයන්ට්ස් කණ්ඩායමත් ජයගෙන ඇත.

තරගාවලියේ මේ වන විට වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ ඒසියා ලයන්ස් කණ්ඩායමේ උපුල් තරංග රැුඳී සිටින අතර ඔහු තරග 4කදී ලකුණු 223ක් ලබා ගෙන තිබේ. තරගාවලියේ වැඩිම කඩුලූ ලාභීන් අතර තුන්වන ස්ථානය ඒසියා ලයන්ස් කණ්ඩායමේ නුවන් කුලසේකරට හිමි වී ඇති අතර ඔහු තරග 4 කදී කඩුලූ 5 ක් දවාගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment