මංජු ලලිත් මන්ත‍්‍රී ධුරයේ දිවුරුම් දෙයි

170

නව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස මංජු ලලිත් වර්ණකුමාර මහතා නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරියේ ඊයේ (01 දා) පෙරවරුවේ දිව්රම් දුන්නේය.

කළුතර දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද සමරසිංහ මහතා මන්ත‍්‍රීධුරයෙන් ඉල්ලා අස්වීම නිසා ඇතිවූ පුරප්පාඩුවට වර්ණකුමාර මහතා පත්විය.

මංජු ලලිත් වර්ණකුමාර මහතා පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී කළුතර දිස්ත‍්‍රික්කයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරගකර මනාප ඡුන්ද 46542ක් ලබා ලයිස්තුවේ නවැනි ස්ථානයට පත් විය. එහිදී පාර්ලිමේන්තුවට පත් වූයේ මන්ත‍්‍රීන් අට දෙනකු පමණි.

එම මැතිවරණයෙන් මැතිසබයට පත් වූ මහින්ද සමරසිංහ මහතා ඇමෙරිකානු තානාපති ධුරයට පත්වීම නිසා මංජු ලලිත් වර්ණකුමාර මහතාට පාර්ලිමේන්තු වරම් හිමි විය.

ඊයේ පාර්ලිමේන්තු රැුස්වීම ආරම්භ යේදීම ඒ මහතා මන්ත‍්‍රි ධුරයේ දිවුරුම් දුන් අතර පක්‍ෂ විපක්‍ෂ සියලූදෙනාට ආචාර කරමින් ආණ්ඩු පක්‍ෂයේ පසුපස ආසනයක අසුන් ගත්තේය.

මංජු ලලිත් වර්ණකුමාර මහතා කළුතර දිස්ත‍්‍රික්කය තුළ ප‍්‍රසිද්ධව ඇත්තේ ද ඔහු මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සිදු කළේ ද දයාබර මංජු යනුවෙනි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment