මං කාටවත් ගැහුවේ නෑ – හම්බන්තොට නගරාධිපති

507

බම්බලපිටිය ප‍්‍රදේශයේදී තමා පුද්ගලයන් දෙදෙනකුට පහර දුන්නේ නැතැයි හම්බන්තොට නරගාධිපති එරාජ් ප‍්‍රනාන්දු මහතා ඊයේ (19 දා) පැවසීය.

පසුගියදා බම්බලපිටිය ප‍්‍රදේශයේදී පෞද්ගලික ආරක්‍ෂක අංශයේ දෙදෙනකුට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසියට ඊයේ කටඋත්තරයක් දීමට පැමිණ පොලිස් ඇපමත මුදාහැරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් නගරාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.

සිද්ධිය වුනැයි කියන ස්ථානයේ වසරකට වැඩි කාලයක සිට පෞද්ගලික ආරක්‍ෂකයන් දෙදෙනෙක් ඉන්නවා. ඔවුන් දෙදෙනා බලන්න ගිය වේලාවක මේ සිද්ධිය වුණා කියලයි පොලිසිය මට එන්න කිව්වේ. මම පොලිසියට ගිහින් කටඋත්තරයක් දුන්නා.

මම හම්බන්තොට නරගාධිපති සහ එරාජ් ප‍්‍රනාන්දු නිසා තමයි මෙච්චර කතා වෙන්නේ. මේ වගේ සිද්ධි 1000 ක් විතර පොලිසිවලට වාර්තා වෙනවා. මම ඉඩම් අල්ලන්න ගියා කියලයි චෝදනා කරන්නේ. මම ඉඩම් අල්ලන්න ගියේ නැහැ. මම ගැහුවයි කියන දෙන්නා එතනට ඇවිත් ඉන්නවා. මම ඒ අහිංසකයන්ට ඉන්න දෙන්න කිව්වා.

පසුගියදා නරගාධිපතිවරයා තනිවම පැමිණ පුද්ගලයන් දෙදෙනකුට පහරදුන් බවත් එක් අයකුගේ දතකට හානි සිදුව ඇති බවත් පවසමින් තුවාලකරුවන් දෙදෙනා විසින් බම්ලපිටිය පොලිසියට පැමිණිලි කර තිබිණි.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment