පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන තුෂාන් ගුණවර්ධන විසින් සතොස ආයතනයේ සිදුව ඇති වංචා සම්බන්න්ධයෙන් විමර්ශන කරමින් සිටියදී ඇමැතිවරුන් විසින් සිය ධුරයෙන් ඉල්ලා අස්වන මෙන් ඔහුට බලපෑම් සිදුකරන ලද බවට සිදු කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් අපක්ෂපාතී පූර්ණ පරීක්ෂණයක් ඉල්ලා වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර ඇත.
පොලිස්පතිවරයා වෙත තමා විසින් පෙරේදා (23 දා* දිනයේ කරන ලද පැමිණිල්ලට අනුව එම හිටපු අධ්යක්ෂවරයා චෝදනා කර ඇති ආකාරයට සතොස සුදුලූනු වංචාව යටපත් කිරීමට තමා හෝ තම අමාත්‍යාංශ කාර්යමණ්ඩල නිලධාරියකු වචනයකින් හෝ බලපෑමක් කර තිබේ නම් එය සාක්ෂි සහිතව ඔප්පු කළයුතුයි යැයි වෙළෙඳ අමාත්‍යාංශයේ දී පෙරේදා (23 දා* පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා කීය.
හොරු අල්ලන්න යන කෙනා හොරා කියලා මුද්‍රා තබා මඩ ගහලා, පහර දී අවලාද නඟා හොරු අල්ලන ක්‍රියාවලියෙන් ඉවත් කිරීමේ සූක්ෂම දේශපාලන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා.
සතොස ආයතනයේ දූෂණ වංචා ඇතුළු විවිධ අක්රමිකතාවලට එරෙහිව කටයුතු කිරීමත් සමග කලබල වී ඇති ඇමැතිවරුන් දෙදෙනා තමා එම තනතුරින් ඉවත් කිරීමට සැලසුම් සහගත වැඩපිළිවෙලක් අරභා ඇතැයි පාරිභෝගික අධිකාරියේ විධායක අධ්යක්ෂවරයා මාධ්‍යට ප්‍රකාශ කර තිබෙනවා. මා ඇමැතිධුර දරමින් කෝටි ප්‍රකෝටි ගණන්වල ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇතත් කිසිදවසක මාධ්‍ය ආයතන විසින් මම හොරෙක් ලෙස හඳුන්වන්වත්, කොමිස් කාක්කෙක් ලෙස අයථා වැඩවලට සම්බන්ධ කෙනෙකු ලෙස හැඳින්වීමටවත් උත්සාහයක් දරා තිබුණේ නැහැ.
පසුගිය කාලයේ සිදුවී ඇති සතොසට සී.සී.ටී.වී කැමරා සවි කිරීම සම්බන්ධයෙන් මිලියන 200කට වැඩි වංචාවක් පිළිබඳවත්, පරිගණක සවිකිරීමක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 300ක වැඩි වංචාවක්, සතොස ගොඩනැගිලි නවීකරණය සඳහා රුපියල් මිලියන 250කට වැඩි වංචාවක්, ස්ථාවර වත්කම් මිලදී ගැනීමේදී වී ඇති මිලියන 450ක වංචාවක්, සහල් ආනයන කර සත්ව ආහාරවලට විකුණා මිලියන 3000ක අලාභයක් සිදුවීම පිළිබඳව පරීක්ෂණයන් පැවැත්වෙන මොහොතක ඇමැතිවරයා වංචාවකට සම්බන්ධ බවට චෝදනා නගද්දී ඒ පිටුපස සිටින්නේ කවුද යන්න හඳුනා ගැනීමේ වගකීමක් ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුවට තිබෙනවා.
රජයේ දේශපාලන පත්වීමක් ලබාගත් තැනැත්තෙකුට එවැන්නක් කරන්න තිබෙන නිර්භීතභාවය හා අසත්‍යයක් දේශ සහගතව ගෙතීමට පුළුවන් තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ කෙසේද යන්න පිළිබඳව පුළුල් අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් මා ඉල්ලා සිටිනවා. ඒ සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණයකදී මේ ගනුදෙනුව හෝ වෙනත් ඕනෑම වර්තමාන හෝ අතීත තම කාලපරිච්ෙඡ්දවලදී සත පහක හොරකමක්, වංචාවක්, දූෂණයක් අක්‍රමිකතාවක් නියම් හෝ අනියම් ආකාරයෙන් කිරීමට මා සම්බන්ධ බවට ඔප්පු කළහොත් පහුවෙනිදා උදේට මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන අතර සදහටම ලාංකීය දේශපාලනයෙන් සමුගන්නවා.
සතොස වංචා දූෂණයක් සම්බන්ධ විමර්ශන පාරිභෝගික අධිකාරියට භාරදී නැහැ. අපි ඒ විමර්ශන පොලිසියට භාරදී තිබෙනවා. කිසිම හොරෙක් මගේ ජීවිත කාලයේ මා ආරක්ෂා කරලා නැහැ. හොරෙක් ඇල්ලීම පිළිබඳව අප ජීවිත පරිත්‍යාගයෙන් හෙළිදරව් කර තිබෙනවා.
අනුර බාලසූරිය