මං ජනාධිපති කාලේ ජනතාව සතුටින් හිටියා – මෛත‍්‍රී යාපනයේදී කියයි

181

ලොව සියලූ නායකයන්ගේ සහාය ලැබුණා

තමා ජනාධිපතිවරයාව සිටි කාලයේ රටේ ජනතාව සතුටින් සිටි බව හිටපු ජනාධිපති හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

තමාගේ පාලන කාලයේ අද තිබෙන ප‍්‍රශ්න කිසිවක් නොතිබු බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ යාපනය දිස්ත‍්‍රික් සමුළුව පෙරේදා (20දා* යාපනය නෙල්ලිඅඩි ක‍්‍රීඩාංගණයේ පැවැති අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.

උතුරේ ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය ශක්තිමත් කරමින් ඉදිරියේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ රජයක් යටතේ උතුරේ ජනතාවගේ ධීවර, ගොවි, මානුෂීය ගැටලූ විසඳීමට කටයුතු කරන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය. රටේ විශාල ආර්ථික අර්බුදයක් තිබෙන බවත් රටේ කෘෂිකර්මාන්තය අර්බුදයකට පත්ව ඇති බවත් එම නිසා ගොවි ජනතාවට ප‍්‍රශ්න, ගැටලූ රැුසක් ඇතිවී තිබෙන බවත් කී හිටපු ජනාධිපතිවරයා ඒ පිළිබඳව තමා ඉතා කනගාටුවන බවද කීවේය. එදා මුළු ලෝකයේම නායකයන් මිත‍්‍ර කරගෙන සිටි නිසා තමාට රට පාලනය කරන්න ලෝකයේ සියලූ නායකයන් සහයෝගය ලබාදුන් බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment