මං පාර්ලිමේන්තු ආවේ රටේ ප්‍රශ්නයට විසඳුම් සොයන්නයි – එය ජයගන්න මට පුළුවන් – ධම්මික පෙරේරා

83

තමා පාර්ලිමේන්තු ආවේ රටට ප්‍රශ්නයක් තිබෙන නිසා බවත් එම ප්‍රශ්නයට විසඳුම් සෙවීම තම කාර්ය භාරය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසයි.

ඒ අභියෝගය ජයගත හැකි වනු ඇති බවට තමාට විශ්වාසයක් ඇති බව මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් ධම්මික පෙරේරා මහතා කීවේය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ධම්මික පෙරේරා මහතා මෙසේද කීවේය.

රටට වැඩක් කරන්න තමයි මම මෙතැනට ආවේ. මම දිව්රුම් දෙන්න කලින් මගේ වත්කම් බැරකම් ප්‍රකාශය ලබාදුන්නා. ටැක්ස් ක්ලියරන්ස් සහතිකයත් මම කථානායකතුමාට භාර දුන්නා. ඇත්තටම රටේ ප්‍රශ්නයක් තිබෙන නිසා තමයි මම පාර්ලිමේන්තුවට ආවේ. ඒකට විසඳුම් සොයන එක තමයි මගේ කාර්ය භාරය වෙන්නේ. මම හිතනවා මට ඒක ජයගන්න පුළුවන් වෙයි කියලා.

මම හිතන්නේ මට හොඳ අමාත්‍යාංශයක් භාර දෙයි. කොහොම වුණත් මම සම්පූර්ණයෙන්ම රට ගැන බලලා තියෙන නිසා මට කොයි අමාත්‍යාංශය ලැබුණත් ඒ දායකත්වය දීමේ වගකීම භාර ගන්න තමයි මම ආවේ. අභියෝගත් එක්ක තමයි හැම දෙයක්ම ජයගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ වාතාවරණයක් තුළ ශ්‍රී ලංකාවට ආයෝජන ගේන්න පුළුවන් කියල මම හිතනවා. මම තමයි යුද්දේ තියෙන වෙලාවේ ආයෝජන මණ්ඩලයේ සභාපතිව හිටියේ. ඒ ගැන මට හොඳ විශ්වාසයක් තියෙනවා. ඒ ටික ගේන්න පුළුවන් බව.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment