මං රට ඉන්නේ මගේ සල්ලිවලින්

328

මාලදිවයිනේ, සිංගප්පූරුවේ සහ තායිලන්තයේ නවාතැන් ගැනීම සඳහා තමන් වැය කරන්නේ තම පෞද්ගලික මුදල් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර ඇත.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා විදෙස්ගතව සිටින කාලසීමාවේ වැය කළ මුදල් සඳහා රජයෙන් කිසිදු ගෙවීමක් කර නොමැති බව රජය අවධාරණය කරයි.

ජන අරගලයෙන් පසු රාජපක්‍ෂ මහතා මාලදිවයිනට ගිය අතර එහි එක් දිනක් ගතකිරීම සඳහා හෝටල් ගාස්තු ලෙස රුපියල් හතළිස්පන් ලක්‍ෂයක් වැය කළ බව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණි.

පසුව ඒ මහතා සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර එහි මාසයකට ආසන්න කාලයක් ගතකිරීම සඳහා රුපියල් ලක්‍ෂ 650කට ආසන්න මුදලක් වැය කළ බවට සමාජ ජාල වෙබ් අඩවි සහ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබිණි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට මෙම ගෙවීම් කරනු ලැබුවේ රජය විසින් බවට කරන චෝදනා සියල්ල අසත්‍ය බව ද රජය තවදුරටත් අවධාරණය කරයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment