මක්කම ගිය 1301 ක් අධික උණුසුමෙන් මිය ගිහින්

42

හජ් වන්දනාවට සහභාගි වූ පුද්ගලයන් 1,301 දෙනකු මියගිය බව සෞදි අරාබිය පවසයි.

මෙම වසරේ වන්දනාව සිදු කරන සමයේ එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා තිබූ නිසා අධික උණුසම මේ මරණවලට හේතුවී තිබේ. මියගිය බහුතරය ලියාපදිංචි නොකළ වන්දනාකරුවෝ වෙති.

වායු සමීකරණය කරන ලද කූඩාරම් සහ නිල ප්‍රවාහනය වැනි පහසුකම් සඳහා ප්‍රවේශයක් නොමැති ලියාපදිංචි නොකළ වන්දනාකරුවන් සඳහා අධික උණුසුම යටතේ හෝ අවශ්‍ය පහසුකම් ලබා නොදීම සම්බන්ධයෙන් සෞදි අරාබිය විවේචනයට ලක්ව තිබේ.

මේ වසරේ මිලියන 1.8 ක ජනතාව වන්දනාව සඳහා සහභාගි වූ බව සෞදි අරාබිය පවසයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment