මගීන් 132ක් සමග  ගුවන්යානයක් කඩාවැටේ

497

චීනයේ ඊස්ටන් ගුවන් සමාගමට අයත් බොයිං 737 දරණ ගුවන්යානය මගීන් එකසිය තිස්දෙදෙනකු ද සමගින් ඊයේ (21 වැනිදා) දහවල් ගුආන්ග් ප‍්‍රදේශයට කඩාවැටී තිබේ.

මගීන් 132ක් සමග  ගුවන්යානයක් කඩාවැටේ

ගුවන්යානය කඩාවැටීමට හේතුව හෙළිවී නොතිබූ අතර එය කඩාවැටෙන අවස්ථාවේදී මගීන් එකසිය විසිතුන්දෙනකු සහ කාර්ය මණ්ඩලයේ නවදෙනෙක් ගමන් ගනිමින් සිට ඇත. මෙම ගුවන්යානය දකුණු චීනයේ ගුවංෂි සිට වුසු ප‍්‍රදේශයට ගමන් කරමින් තිබියදී එය කඩාවැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. යානය කඩාවැටෙන ආසන්නයේ ලැව් ගින්නක්ද හටගෙන තිබී ඇත. යානය ගිනිගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙම යානය කඩාවැටී ඇත්තේ ගුආන්ග් වුසු ප‍්‍රදේශයටය.

advertistmentadvertistment
advertistmentadvertistment