මගීන් 329ක් සමග කනිෂ්ක යානාව  පිපිරවූ සීක් ඝාතකයා ගැලවුණේ කැනඩා  රජය සහ පොලිසියේ වරදින් යැයි හෙළිවෙයි

624

වසර 37කට පසු යුක්තිය ඉටුවෙයි

 වසර 37කට පෙර බෝම්බ පිපිරීමකින් විනාශ වූ එයාර් ඉන්දියා ගුවන් සේවාවේ කනිෂ්ක අධිරාජයා ගුවන් යානාව සම්බන්ධ සිද්ධියට වගකිවයුතු පාර්ශ්ව ලෙස කැනඩා රජය සහ පොලිසිය හඳුන්වා ඇත.

 මගීන් 329 ක් සමග අයර්ලන්තය අසල අත්ලාන්තික් මුහුදට කඩා වැටුණු එම යානාවේ ත්‍රස්ත ක්‍රියාවට අරමුදල් සැපයූ වැන්කුවර් හි රියුඩාමන් සින් මලික් නාඳුනන තුවක්කුකරුවකු විසින් මේ සතියේදී ඔහුගේ කාර්යාලය අසලදී වෙඩි තබා ඝාතනය කර ඇත. කැනඩා අධිකරණය 1985 දී ඔහුව නිදහස් කර තිබේ. මෙම යානාව මොන්ටි්‍රයල් සිට ලන්ඩන් බලා පියාසර කරමින් තිබූ අතර යානාව තුළ අටවා තිබූ බෝම්බ දෙකක් පිපිරී ගොස් ඇත.

 මෙම වෙඩිතැබීම සිදු කළ සාහසිකයා අත අවි දෙකක් තිබූ බව සිද්ධිය සියැසින් දුටුවෝ පවසති.

 ව්‍යාපාරිකයකු වූ මලික් නිදහස් වූයේ කැනඩා පොලිසියට සාක්ෂි තහවුරු කිරීමට නොහැකිවීමෙනි. 1985 ජුනි 23 වැනිදා කනිෂ්ක යානාව අත්ලාන්තික් සාගරයේ අඩි 31000 ක් ඉහළ අහසේදී පුපුරා ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment