මගුල් අවමගල් පරීක්ෂාවට අද සිට පීඑච්අයිලා එති

595

විවාහ මංගල, අවමංගල සහ අනෙකුත් උත්සව සියල්ල අද (24දා* සිට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් දැඩි පරික්‍ෂාවට ලක්කරන බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්‍ද්‍ර බාලසූරිය මහතා ‘දිවයින’ ට ඊයේ (23 දා* ප‍්‍රකාශ කළේය.
 
 සෞඛ්‍ය මාර්ගෝපදේශ හා නිරෝධායන නීති කඩ කරමින් සියලූම උත්සව සංවිධානය කරන්නන්ට හා උත්සව ශාලා අයිතිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට මෙන්ම රුපියල් දෙදහසේ සිට දස දහස දක්වා දඩ මුදල් අයකර ගැනීමට ද කටයුතු කරන බව ඒ මහතා කියා සිටියේය.
 
 විවාහ මංගල හා අනෙකුත් උත්සව පවත්වන්න අපි අවසරය ලබා දුන්නේ ආසන ධාරිතාව 25% නොඉක්මවන විදිහට කටයුතු කරන්න කියලා සියලූදෙනාට දැනුම් දෙමින්. ඒත් සෞඛ්‍ය උපදෙස් කඩ කරමින් මේ වෙද්දී විවාහ මංගල උත්සව රාශියක් පවත්වලා තියෙනවා කියලා අපට සාක්‍ෂි සහිතව තොරතුරු වාර්තා වුණා. එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්න අපි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට බලය දීලා තියෙනවා. මේ වෙද්දී ඩෙල්ටා ප‍්‍රභේදය තැනින් තැන ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් තියෙන නිසා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ලබාදුන්න සහනය අවභාවිත නොකර කටයුතු කරන්න කියලා’’ යැයි ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
 
– නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment