මගුල් පොකුරු අවදානමක්

666

මංගල උත්සව සඳහා ලබාදී ඇති අවසරය අවභාවිතා කරන තත්ත්වයක් පෙනෙන්නට ඇති බවත්, මෙලෙස වගකීම් විරහිතව කටයුතු කළහොත් මඟුල් පොකුරු රට වටෙන්ම මතුවීමේ අවදානමක් මතුව ඇති බවත් කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා මහතා පැවසීය.
 
 මඟුල් උත්සව සඳහා සහභාගි වීමට ලබා දී ඇති 150 උපරිම සීමාව ඉක්මවා යමින් කොළඹින් පිට පළාත්වල මංගල උත්සව මහා පරිමාණයෙන් පවත්වන බවට දැන ගන්නට ඇතැයි ද හෙතෙම කීය.
 
 තුන්වැනි කොවිඞ් රැුල්ල ආරම්භ වූයේ අලූත් අවුරුදු සමයේදී ජනතාව වගකීම් විරහිතව කටයුතු කළ නිසා බවත්, එය සිහියේ තබාගෙන වගකීම් සහගතව කටයුතු කරන ලෙස සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් හේ සඳහන් කළේය.
 
 චමින්ද සිල්වා සහ ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment