මගේ අත්සන හොරට ගසා දෙහිවල ගල්කිස්සට නාමයෝජනා භාරදීලා – දයාසිරිගෙන් සීඅයිඩීයට පැමිණිලි

234

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයාගේ අත්සන සහ නිල මුද්‍රාව ව්‍යාජ ලෙස යොදා ගනිමින් අත ලකුණින් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවට නාම යෝජනා ලබාදීමට එරෙහිව ඊයේ (24දා) ශ්‍රීලනිප මහලේකම්වරයා විසින් කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලිකර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා වෙත ද පෙරේදා (23 දා) ලිඛිතව දැනුම් දී තිබේ.

තමාගේ කිසිදු අනුදැනුමකින් තොරව අත්සන සහ නිල මුද්‍රාව කූට ලෙස සකස් කරමින් නාමයෝජනා භාරදීමට එරෙහිව පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා මෙසේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත – ඡායාරූපය – සමන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment