මගේ ඉලක්කය සම්මාන හතරක්… – සචින් චතුරංග

266

පාර දිගේ ටෙලි නාට්‍යයේ අභී මේ දිනවල බොහොම ජනප්‍රියයි. අභී චරිතයෙන් ඔබ හමුවන සචින් චතුරංගගෙ අලුත් තොරුතුරු දැනගන්න මීවිත මේ විදිහට ඔහු හා දොඩමළු වුණා.

 සචින්” මොකද වෙන්නෙ?

 මේ දවස්වල පාර දිගේ” ළංවී සහ අදිසි යන නාට්‍යවල වැඩකටයුතුවල යෙදිල ඉන්නව. ඊට අමතරව තෙල් පෝලිම් වලත් රස්තියාදු වෙන්න සිදුවෙලා.

 කොහොමද ප්‍රතිචාර?

 ඇත්තටම මම හිතුවට වඩා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මගතොටදි කෙනෙක් දැක්කත් අභියා කියල හරි ඉරෝන් කියල හරි තමයි කතා කරන්නෙ. ඒ ගැන ගොඩක් සතුටුයි.

 ළංවී ටෙලියට අවස්ථාව ලැබෙන්නෙ කොහොමද?

 මම තිමිර උඩලමත්ත මහත්මයාගේ ‘හදවතේ කතාව. ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා වැඩ කළා. ඒ සම්බන්ධතාව මත තමයි මේ නාට්‍යයටත් මට ආරාධනයක් ලැබෙන්නෙ.

 සචින් කලා පවුලක කෙනෙක්ද?

 මගේ අයිය කලාවට සම්බන්ධයි. මටයි අයියටයි කලා කටයුතු වෙනුවෙන් විවිධ තැන්වලට යන්න වෙනව. ඒ ගමන් බිමන් අපිට තනිවම යන්න බැරි නිසා මගේ තාත්තා රැකියාවෙන් ඉවත් වෙලා චිත්‍රපට නිෂ්පාදන කළමනාකාරවරයෙක් හැටියට කටයුතු කළා. නමුත් දැන්නම් ඔහු රජයේ රැකියාවකට සම්බන්ධ වෙලා. ඒ හැරුණම අපේ පවුලෙ කලාවට විශේෂ සම්බන්ධයක් නැහැ.

මගේ ඉලක්කය සම්මාන හතරක්... - සචින් චතුරංග



 කලාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද?

 රඟපෑම කියන්නෙ පුංචි කාලෙ ඉඳන්ම මට තිබුණ ලොකු ආසාවක්. ඒ ආසාවෙ ප්‍රතිපලයක් හැටියට මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේදි තිස්ස ගුණවර්ධන ගුරුපියාණන්ගේ මගපෙන්වීමෙන් පළමු වතාවට වේදිකාවට ගොඩවෙනව. එතැනින් පටන්ගත්ත ගමනෙදි 2005 වසරේදී මම ‘දඟයන්ට පමණයි. ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙනව. ඉන් අනතුරුව බිංදු” සිරිපැරකුම්” පුංචි අපිත් බය නෑ දැන්” බඹර වළල්ල” තණ්හා රතී රඟා වැනි චිත්‍රපට රැසකට වගේම ටෙලි නාට්‍ය තිස් දෙකකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබෙනව. ඒ වගේම 2015 වසරෙදි ජයසේකර අපෝන්සු මහත්මයාගේ නාට්‍යයක් හරහා නැවතත් වේදිකාවට ගොඩවෙන්න මට අවස්ථාව ලැබෙනව.

 ඔබේ සම්මාන එකතුව?

 2009 වසරෙදි රූපවාහිනියේ හොඳම නළුවා වෙන්නෙ මගේ අයිය. ඒ වගේම 2010 වසරෙදි මම ඒ අවස්ථාව උදාකරගන්නව. ඒ වගේම ‘බිංදු. චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ලෝකයේ දෙවන හොඳම ළමා නළුවා වෙන්නත් මම භාග්‍යවන්ත වෙනව. මෙවැනි සම්මාන දොළහක් පමණ මගේ සම්මාන එකතුවේ තියෙනව.

 ඔබ මෙගා වලට කොටුවෙලාද?

 ඇත්තටම කිව්වොත් මම මෙගා වලට කොටුවෙලා නැහැ. චරිතවලට කොටුවෙලාත් නැහැ. ඒ වගේම පෙම්වතාටවත් දුෂ්ඨයාටවත් කොටුවෙන්න අදහසකුත් නැහැ. උප චරිතයක් වුණත් මට ඒ තුළ කරන්න දෙයක් තියෙනව නම් මම ඒක භාර ගන්නව.

 කොහොමද සංගීත වැඩකටයුතු?

 පාර දිගේ අපේ සෙට් එක” මම” ගයාන්” ඉඳුවර සහ කුසල් එකතු වෙලා ‘රෝඩ්. නමින් අලුත් සංගීත කණ්ඩායමක් හැදුව. මේකට තවත් පස්දෙනෙක් ඉන්නව. ෆුල් බෑන්ඩ් එකක්. දැනට වෙඩින් කිහිපයකම ප්ලේ කළා. රටේ ප්‍රශ්න නිසා එළිමහන් ප්‍රසංගවලට ලැබිල තිබුණ ආරාධනා නම් අවලංගු වුණා. එක ප්‍රසංගයකට ගිහින් සවුන්ඩ් පවා චෙක් කරල සූදානම් වන අතරතුර ඇඳිරිනීතිය දැම්මා.

 ‘පාර දිගේ. යන ගමන් සංගීත කණ්ඩායමත් ගොඩදාගන්නද කල්පනාව?

 එහෙම නෑ කියන්න බැහැ. අපි කැමතියි එහෙම කරන්න. මොකද මේ අපි දන්න දේ.

 ඔබේම ගීතයක් කළොත්?

 මට අවුරුදු එකොළහක් පමණ වන කාලෙදි ගීත දාහතරක් ඇතුළත් ඇල්බම් එකක් කළා. ඒක නම් කළේ ‘සුවඳ දිදී. යනුවෙන්. මෑතකදි මමයි අපේ බාප්පාගේ

 පුතයි එකතු වෙලා මෑෂප් ගීත හතරක් කළා. ඒ වගේම මගේ තාත්තා 1987 වසරේදී ලියූ ‘කට්ට පිත්තල. කියන ගීතය මට ලබා දුන්නා. මේ වන විට ඒ ගීතයේ වැඩකටයුතු බොහෝ දුරට අවසන් කරල තියෙනව. මියුසික් වීඩියෝ එකත් එක්කම එළිදක්වන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.

 සචින් ආඩම්බරකාරයෙක්ලු?.

 අනේ නැහැ. දන්න මිනිස්සු දන්නව මම මොන වගේ කෙනෙක්ද කියල. මට කම්මුල් පාරක් ගහල හිනා වුණොත් මමත් හිනා වෙනව. මම එහෙමයි. කෙටියෙන්ම කිව්වොත් පොළොවෙ පය ගහල ජීවත් වෙන කෙනෙක්.

 ජනප්‍රියත්වය කරදරයක් වුණ අවස්ථා?

 මේ වන තුරු මට ජනප්‍රියත්වය කරදරයක් වෙලා නැහැ. හැබැයි වාසිදායක වෙලා නම් තියෙනව. රටේ මොන තරම් ප්‍රශ්න තිබුණත් අපි ඔයාලගෙ නිර්මාණ බලල තමයි ටිකක් හරි සතුටු වෙන්නෙ කියල රසික රසිකාවියො කියනකොට මට දැනෙන්නෙ ලොකු සතුටක්.

 කැපිලි කෙටිලි?

 කැපිලි කෙටිලි නැහැ කියල කිව්වොත් ඒක බොරුවක්. මිනිස්සුත් එක්ක හරි විදිහට හිටියොත් ඒ දේවල් මගහැරගෙන යන්න පුළුවන්.

 මොකක්ද ඔබේ ඉලක්කය?

 ඇත්තටම මගේ රංගන ජීවිතයේදි විශේෂ වූ සම්මාන හතරක් ගන්න එක තමයි මගේ මූලික ඉලක්කය වෙලා තියෙන්නෙ. ඊට අමතරව ව්‍යාපාරිකයෙක් හැටියට කටයුතු කරන්නත් ලොකු කැමැත්තක් තියෙනව.

 විලාසිතා?

 මම විලාසිතා කරනව. හැබැයි ඒව ලොකුවට ඔළුවෙ තියාගෙන නැහැ. ගෑනු ළමයෙක් නැති වුණත් ජිම් යන්න ඕන කියල කියනවනෙ. ඒ නිසා මම අනිවාර්යයෙන්ම ජිම් එකට යනව. නමුත් රූපය කියන්නෙ බාහිර දෙයක් විතරයි. හැකියාව තියෙනව නම්” දක්‍ෂතා තියෙනව නම් ඒ කෙනාට තමයි නළුවා කියන්නෙ.

 අලුත් ආරාධනා?

 අලුතින් කරන ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ලැබිල තියෙනව. නමුත් රටේ ඇතිවෙලා තියෙන ප්‍රශ්නත් එක්ක නිෂ්පාදකවරු කැමති නැහැ නිර්මාණයක් වෙනුවෙන් මුදල් යොදවන්න.

 ඔබේ හැකියාවලට ඉඩක් ලැබිල තියෙනවද?

 මම සටන් කලාව” ගායනය සහ නර්ථනය යන අංශ තුනම පුරුදු පුහුණු වෙලා තියෙනව. මේ හැකියාවන් එළියට දාන්න පුළුවන් චරිතයක් ලැබෙනතුරු බලාගෙන ඉන්නව.


 මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment