මගේ කාලයේදී ජාත්‍යන්තර හා  දේශීය තරග 837 ක් පැවැත්වූවා – හිටපු පාපන්දු සභාපති ජස්වර් උමර්

104

2021 ජූලි 01 වෙනිදා සිට මේ දක්වා ජාත්‍යන්තර හා දේශීය තරග 837ක් පවත්වා ඇති බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමර් මහතා පෙරේදා (01 වෙනිදා) පැවති නියෝජිත හමුවකදී පැවසීය.

 එහිදී දේශීය තරග ලෙස සුපර්ලීග් තරග 30ක්, පළාත් තරග 33ක්, ශූරයන්ගේ ලීග් තරග (චැම්පියන්ස් ලීග්) 91 ක්, රන්/රිදී කුසලාන දිවයින පුරා තරග 652 ක් මේ ආකාරයට පවත්වා තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

 ඒ අනුව 2021 සිට ජූලි මස මේ දක්වා පවත්වා ඇති සමස්ත දේශීය තරග සංඛ්‍යාව 806ක් බවද ජාත්‍යාන්තර තරග සංඛ්‍යාව 31කට ජාතික කණ්ඩායම ක්‍රීඩා කළ තරග 11ක්, කාන්තා කණ්ඩායම තරග 02ක්, අවුරුදු 23න් පහළ කණ්ඩායම තරග 03ක්, අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම තරග 05ක්, අවුරුදු 20න් පහළ කණ්ඩායම තරග 07ක් හා අවුරුදු 17න් පහළ කණ්ඩායම තරග 03 කට සහභාගි වී ඇත.

 කටාර් රාජ්‍යයේ දින 09ක පුහුණු කඳවුරක් සෞදි අරාබියේ දින 17 ක පුහුණු කඳවුරක් හා නැවත කටාර් රාජ්‍යයේ දින නවයක පුහුණු කඳවුරක් ලෙස ජාත්‍යාන්තර පුහුණු කඳවුරු 03 ක් පවත්වා ඇති බවද එහිදී ප්‍රකාශ කළ හිටපු සභාපතිවරයා පාපන්දු ක්‍රීඩාව ක්‍රිකට් තරම් ශ්‍රී ලාංකිකයන්ට සමීප කරවීම තමන්ගේ අරමුණ බවත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment