“මගේ කීර්ති නාමයට හානි වුණා” කංචන දයාසිරිගෙන් කෝටි 100ක් වන්දි ඉල්ලයි

240

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අඩු මිලට ඉන්ධන ලබාගැනීමට තිබිය දී වැඩි මිලට ඒවා ලබාගෙන ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තොරතුරු තමන් සතුව ඇති බවත් ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සිදුකළ ප්‍රකාශවලින් තමන්ගේ කීර්ති නාමයට හානිවී ඇති බව පවසමින් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා කෝටි 100ක වන්දි මුදලක් ඉල්ලා එන්තර වාසියක් යවා ඇත.

නීතිඥ කේ. උපේන්ද්‍ර ගුණසේකර මහතා විසින් මෙම එන්තර වාසිය කොළඹ 07 ග්‍රෙගරි පාරේ පිහිටි ජයසේකර මහතාගේ ලිපිනයට යොමුකර ඇත. ජයසේකර මහතා සිදුකළ ප්‍රකාශවලින් කංචන විජේසේකර මහතාගේ කීර්ති නාමයට හානි වී ඇති බවත්, ඒ සඳහා නඩු නොපවරා සිටීමට දින 14ක් ඇතුළත කෝටි 100ක වන්දි මුදල ලබාදෙන ලෙසත් නීතිඥ මහතා දැනුම්දී ඇත.

ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තුළ සිදුවෙමින් තිබෙන දැවැන්ත දූෂණ වංචා ප්‍රමාණයක් ගැන අපිට තොරතුරු ලැබිල තියෙනවා.

මේ රටේ ඩොලර් නැතිව ඉන්නවා. මේ රටේ ජනතාව හාල් නැතිව ඉන්නවා. තෙල් ගන්න බැරිව ඉන්නකොට අඩුවෙන් තෙල් ගන්න තිබියදී තමන් දන්න සමාගමකින් වැඩි මිලට තෙල් අරන් තියෙනවා ඇතුළු කරුණු රැසක් ඉදිරිපත් කරමින් ජයසේකර මහතා ප්‍රසිද්ධියේ මාධ්‍යට ප්‍රකාශ කර තිබූ බවට නීතිඥ උපේන්ද්‍ර ගුණසේකර මහතා විසින් ජයසේකර මහතාට යොමු කළ එන්තර වාසියේ සඳහන් කර ඇත.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment