දිස්නෙ දිදී කිරුළ ගත්තු ඩිස්නි

481

මගේ ගුරුවරයා චන්න – උපුලි

සුපිරි රංගන තරු නර්තන තරු ලෙස අභිෂේක ගන්වන රියැලිටි කලාවේ පෙරළිකාර වැඩසටහන හිරු මෙගා ස්ටාර්ස් සීසන් 03 කිරුළ ඩිස්නි රාජපක්‍ෂ සහ ලලිත් දෙපළ සතුකර ගත්තා. කිරුළ දිනු ඩිස්නි සමඟ අප පුංචි කතාබහක නියැළුණා. මේ එහි පෙළගැස්මයි.

* හිරු මෙගා ස්ටාර් කිරුළ හිමිවීම ගැන මොකද හිතෙන්නේ?

ඒ ගැන ඇත්තටම ගොඩක් සන්තෝෂයි. මොකද ඒක ජනතා පරමාධිපත්‍යයෙන් සිද්ධ වෙච්ච දෙයක්නේ. ලොකු පිරිසක් මට ආදරය කරනවා කියලා දැනෙද්දී ඇත්තටම ලොකු සතුටක් තියෙනවා. මේ තරගය මට ගොඩක් විශේෂයි.

* ඒ මොකද?

මේ තරගය පුරාවට මම විශ්මිත දේවල් කරපු හින්ද ලොකු පිරිසක් මට ආදරය කරන්න පටන් ගත්තා. රංගන ශිල්පිනියකට වැදගත්ම දේ තමයි ජනතාවගේ ආදරය. ඉතිං මට මේකෙන් නොඅඩුව ලැබුණා.

* වැඩසටහන ආරම්භයේ පටන් හිතුවද මේ ජයග‍්‍රහණය ඔබට හිමිවේවි කියලා?

මට මගේ දක්‍ෂතාවය ගැන එදා ඉඳලා ලොකු විශ්වාසයක් තිබුණා. නමුත් ඒ වෙනකොට මට ලොකු ප‍්‍රසිද්ධියක් තිබුණේ නැහැ. මට වඩා ප‍්‍රසිද්ධ තරු මෙතැන හිටියා. එතකොට මම මේ වැඩසටහන හරහාම තමයි ප‍්‍රසිද්ධ වුණේ. සාමාන්‍යයෙන් මිනිස්සු මට ආදරය කරන්න පටන් ගත්තහම පොඩි විශ්වාසයක් තිබුණා කිරුළ මට හිමිවේවි කියලා.

දිස්නෙ දිදී කිරුළ ගත්තු ඩිස්නි

* ඔබේ නර්තන සහකරු

ලලිත්ගෙන් ඔබට මොනවගේ සහයෝගයක්ද ලැබුණේ?

ඇත්තටම මට ඔහු ගැන කියන්න වචන නැහැ. ඔහු තමයි මේ ඇක්‍රොබැටික් කියන නර්තන කලාව ලංකාවට හඳුන්වා දුන්නේ. ඇක්‍රොබැටික් කියන නර්තන කලාව තමයි දැන් ලෝකයේ නර්තන තරගවලට යොදා ගන්නේ. නැටුමට එහා ගිය දෙයක් තමයි ඇක්‍රොබැටික් කියන්නේ. ඒක ලංකාවට හඳුන්වා දුන්නේ ලලිත්. මම සාම්ප‍්‍රදායික නර්තන ශිල්පිණියක්. අපි දෙන්නා එකතුවෙලා හොඳට පුහුණුවීම් කළා. ඔහු තමයි හිරු සුපර් ඩාන්ස්ර් එකෙත් විනර්. අපි දෙන්නාගේ නර්තන ආරයන් දෙවිදියක්. ඒ නිසයි අපි
සාර්ථක වුණේ.

* ලලිත් නොහිටින්න ඔබට කිරුළ අහිමිවෙන්නත් ඉඩ තිබුණා නේද?

මට වෙලාවකට ඇත්තටම එහෙමත් හිතෙනවා. මම මේ වැඩසටහනේ ඒ තරම් දක්‍ෂ නර්තන ශිල්පියෙක් දැක්කේ නැහැ. තවත් පැත්තකින් බැලූවොත් මේ ඇවිල්ලා නර්තන ශිල්පියාගේ තරගයක් නෙමෙයි. කලාකරුවන්ගේ තරගයක්. නමුත් මට හිතෙනවා ලලිත් නොහිටියා නම් මේ තරම් පේ‍්‍රක්‍ෂක ආදරයක් දිනාගන්න අමාරු වේවි කියලා.

* ඩිස්නි නර්තනය හැදෑරීමක් කරලා තියෙනවාද?

මම චන්න – උපුලි කලායතනයෙන් තමයි නර්තනය ඉගෙන ගත්තේ. මගේ ගුරුවරයා වෙන්නේ චන්න සර් හා උපුලි මිස්. ඊට කලින් මම ඉස්කෝලෙදි නර්තනය විෂයක් විදිහට ඉගෙන ගෙන තිබුණේ නැහැ. හැබැයි මම ඒ කාලේ නර්තන තරගවලට ඉදිරිපත් වෙලා තියෙනවා.

* මේ හින්දා රංගනය මග හැරුණාද?

රියැලිටි වැඩසටහන හින්ද මට රඟපෑම් වැඩ මගහැරුණේ නැහැ. ඒකට හේතුව කොරෝනා හින්දා ගොඩක් රංගන වැඩකටයුතු අතරමග නතර කරලා තිබුණේ. මේ කාලය අතරතුර මට චිත‍්‍රපට දෙකක රූගත කිරීම් වලට සම්බන්ධ වෙන්න විතරයි තිබුණේ. කොරෝනා වසංගතය හින්ද රූගත කිරීම් කල්ගියා. මට ෂූටින් වලට පාඩුවක් වුණේ නැහැ.

දිස්නෙ දිදී කිරුළ ගත්තු ඩිස්නි

ඉදිරි නර්තන වැඩකටයුතු කොහොමද?

නර්තනය කියන දේ මම ගොඩක් ආස දෙයක්. මම කවදාවත් නර්තනයෙන් ඈත්වෙන්නේ නැහැ. මම දන්නේ නැහැ ඉස්සරහට නර්තනයෙන් මට
මොනවගේ දේවල් කරන්න ලැබේවිද කියලා. නමුත් මම කැමැති නර්තනයත් අත්නොහැර ඉදිරියට යන්න.

* නර්තන කණ්ඩායමක් පටන්ගන්න අදහසක් තියෙනවාද?

නැහැ. එහෙම පටන් ගන්න අදහසක් නැහැ.

* මේ ජයග‍්‍රහණයත් එක්ක ඉදිරියට රංගන කටයුතු සීමා කරනවාද?

මම කොහොමත් එදා ඉඳලා ගොඩක් තෝරා බේරාගෙන තමයි රඟපෑවේ. මේ වෙනකොට මම ගොඩක් අධ්‍යක්‍ෂවරුන්ගේ පැසසුමට ලක්වුණා. මේ ක්‍ෂේත‍්‍රයේ දැවැන්තයෝ මගේ දක්‍ෂතාවයන් ඇගයීමට ලක්කලා. දැනටමත් අධ්‍යක්‍ෂවරු කිහිපදෙනෙක් කතා කරලා තියෙනවා.

* ජයග‍්‍රහණය ගැන ක්‍ෂේත‍්‍රයේ අය මොනවද කිව්වේ?

ක්‍ෂේත‍්‍රයේ ගොඩක් රංගන ශිල්පීන් ශිල්පිනියන් මට සුභපතලා වීඩියෝ පවා එව්වා. මම කාගෙන්වත් මට සුභපතලා වීඩියෝ එවන්න කිව්වේ නැහැ. මට වොයිස් කට් එවන්න කියලා මම ඉල්ලූවේ නැහැ. නමුත් අනෙක් තරගකාරියෝ ඒවා ඉල්ලලා දානකොට එයාල මට බලෙන් එව්වා. අනෙක් අය දානවා ඔයත් මේක දාන්න කියලා ඒ තරමට මට ආදරේ ප‍්‍රවීණ ශිල්පීන් ශිල්පිණියෝ හිටියා. මම මේක තනියෙන් ආපු ගමනක්. මගේ කැපවීම උත්සාහය දැකලා එයාලා මට ගොඩක් උදව් කළා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment