මගේ දේශපාලන ජීවිතයේ කනගාටුදායකම සිද්ධිය පාස්කු ප‍්‍රහාරයයි – හිටපු ජනපති මෛත‍්‍රී පොළොන්නරුවේදී කියයි

369

තම දේශපාලන ජීවිතයේ කනගාටුදායකම සිද්ධිය පාස්කු ප‍්‍රහාරය බවත්, තමන්ට ඒ පිළිබ`දව ලොකු වේදනාවක් තිබෙන බවත් හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (17දා) පොලොන්නරුව බෞද්ධ සංගම් ශාලාවේ ‘විසඳුමකට ජවයක්: නව ඇරඹුමකට සවියක්’ තේමාව යටතේ පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ පොලොන්නරුව දිස්ත‍්‍රික් කාන්තා හා තරුණ බලමණ්ඩල ශක්තිමත් කිරීමේ වැඩසටහනට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසුවේ පොහොර ගැටලූව නිසා සමස්ත ගොවි ජනතාවම අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින බවයි.

මාධ්‍යවේදීන්:

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල්තුමාටත්, ඔබතුමාටත්, කතෝලික ජනතාවටත් සාධාරණත්වය ඉටුවෙලා නෑ කියලා කියනවා. ඔබතුමාගේ අදහස මොකද්ද මේ ගැන?

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා:

පාස්කු ප‍්‍රහාරය පිළිබ`ද ප‍්‍රශ්නය ඉතාම සංකීර්ණයි. ඒක බොහොම දීර්ඝව කතා කළ යුතු දෙයක්. විශේෂයෙන්ම පාස්කු ප‍්‍රහාරය පිළිබ`දව දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විසිගණනක් තිබෙනවා. ඒ නඩු තිබෙන්නේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන්. ඒ වගේම දිස්ත‍්‍රික් උසාවිවලත් නඩු රාශියක් පවතිනවා. අධිකරණයේ පවතින කටයුත්තක් සම්බන්ධයෙන් මට කතා කිරීමට පුළුවන්කමක් නෑ. ඒක තමයි ඇත්ත තත්ත්වය.

සියලූ දෙනාට සාධාරණත්වය ඉෂ්ඨ වියයුතුයි කියන ස්ථාවරයේ තමයි මමත් ඉන්නේ. මටත් ඒ පිළිබඳව ලොකු වේදනාවක් තියෙනවා. මගේ දේශපාලන ජීවිතයේ කනගාටුදායකම සිද්ධිය පාස්කු ප‍්‍රහාරය.

ඒ වින්දිතයින්, මරණයට පත් වෙච්ච අය, ඒ පවුල්වල අය, ආබාධිතව සිටින අය. මේ සියලූ දෙනාට මගේ රජය යටතේ මියගිය එක්කෙනෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වන්දියක් ලබා දුන්නා. ආබාධිත වෙලා තුවාල වෙලා ඉන්න අයට රුපියල් ලක්ෂ 20 බැගින් වන්දි දුන්නා. ඒ විදිහෙන් අපි කටයුතු කළා.

ඒ වගේම එම දේවස්ථාන සියල්ලම සම්පූර්ණයෙන්ම අලූත්වැඩියා කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මුදල්වලින්. කතෝලික ජනතාව සම්බන්ධයෙන් මගේ විශාල ගෞරවයක් ආදරයක් තිබෙනවා. ඒ නිසා ඒ සෑම කෙනෙකුටම සාධාරණත්වය ඉෂ්ඨ විය යුතුයි කියන තැන මම ඉන්නේ. මේ ප‍්‍රහාරය එල්ල කළ ත‍්‍රස්තවාදීන්ට සම්පූර්ණයෙන්ම දඩුවම් දිය යුතුයි. ප‍්‍රහාරය එල්ල කළේ ත‍්‍රස්තවාදීන් නිසා.

මාධ්‍යවේදීන්:

පොහොර ප‍්‍රශ්නයේදී ගොවි ජනතාව දැඩි අසරණ තත්ත්වයට පත් වෙලා. ආණ්ඩුව මේ ගැන නම්‍යශීලි නොවන්නේ ඇයි.? ඔබතුමාත් පොලොන්නරුව දිස්ත‍්‍රික්කය නියෝජනය කරන මන්ත‍්‍රීවරයෙක්. ගොවීන්ගෙන් චෝදනා එල්ලවෙනවා ආණ්ඩුවට විරුද්ධ නොවන්නේ ඇයි කියලා.?

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා:

පොහොර ප‍්‍රශ්නය පිළිබ`දව මම ප‍්‍රකාශ ගණනාවක් කර තිබෙනවා. ගිය අවුරුද්දේ මේ පොහොර ගෙන්වීම නැවැත්වීම පිළිබ`දව රජය නිවේදනය කළාට පස්සේ මම ජනාධිපතිතුමා සමග මෙහි තිබෙන බරපතළකම සහ මේ නිසා ඇතිවන අනිසි ප‍්‍රතිඵලය පිළිබ`දව පෞද්ගලිකවත් පැහැදිලි කරලා තිබෙනවා.

අරලගංවිල – රොෂාන් තුෂාර තෙන්නකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment