මගේ පාලන කාලයේදී නොදැමූ කොන්දේසි IMF දැන් ආණ්ඩුවට දමාවි

214

හිටපු ජනපති මෛති‍්‍රපාල සිරිසේන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් තම පාලන කාලය සමයේ නොදැමූ කොන්දේසි මේ ආණ්ඩුවට දමනු ඇති බව හිටපු ජනාධිපති සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සඳහන් කළේය.

දූෂණය, වංචාව සහ අක‍්‍රමිකතා ඇතුළු රටේ බලය කිහිප දෙනකු අතට පත්වීම ඊට හේතුව බවද හිටපු ජනාධිපතිවරයා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ කෝට්ටේ ආසන බලමණ්ඩල රැුස්වීම අමතමින් පෙරේදා (26 දා) මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් කතා කළ හිටපු ජනාධිපතිවරයා මෙසේ ද කීය.

කීර්තිමත් දේශපාලන පක්‍ෂ වගේම අපකීර්තිමත් දේශපාලන පක්‍ෂ තිබෙනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයත් කාලයක් අපකීර්තිමත් වෙලා තිබෙනවා. ඒත් කවුරුන් මොනව කීවත් ඉදිරියෙන්ම සිටින පක්‍ෂය ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයයි. අද දවසින් දවස ආණ්ඩුව යන්නේ ඉතාම අභාග්‍යසම්පන්න කාලපරිච්ෙඡ්දයකටයි. අද දේශපාලනය ආර්ථිකය හා ජාත්‍යන්තරය යන සියල්ලම අවුල්කරගෙන තිබෙනවා. අද ආණ්ඩුවේ බලවතුන් කියනව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නෙ නැහැ කියල. මම රට පාලනය කරන සමයේ මම කටයුතු කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමගයි. ඔවුන් මට බරපතළ කොන්දේසි දැම්මෙ නැහැ. ආපු සමහර තද කොන්දේසි මම කතාකරල කිව්ව පිළිගන්න බැහැ කියල. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ලෝක බැංකුවත්, ආසියානු සංවර්ධන බැංකුවත් යුරෝපීය යුනියන් එක ඒ හැම ආයතනයක්ම උදව් කරන්නේ රටේ රාජ්‍ය පාලන ස්වභාවයටයි. ඒ නිසා මට නොදැමූ කොන්දේසි මේ ආණ්ඩුවට දාන බව මම දන්නවා. මට ළඟදී තානාපතිවරයෙක් කතාකළා. ඔහු කිව්වේ අපි අදත් මේ රටට ආධාර කරන්න කැමතියි ඒත් අපි ආධාර කරන්නේ ලෝක බැංකුව හා එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහායි කියල. ඔවුන් රටකට ආධාර දෙන්නේ එම රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් රැුකීම, නීතිය හා සාමයේ අපක්‍ෂපාතීත්වය, අධිකරණය ස්වාධීන වීම, පොලිසිය ස්වාධීන වෙන්න ඕන. අද අපිටත් කෑගහන්න සිද්දවෙලා තියෙනවා. අපිව බේරගන්න බේරගන්න කියල. ඒත් කවුද අපිව බේරගන්නෙ. අද මම කියපු දේවල්වලට එහා ගිය කරුණු තියෙනවා ජාත්‍යන්තරය නොසලකන්න. ඒව ගැන ඉදිරියේදි කතාකරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

අද තියෙන වංචාව, දූෂණය නාස්තිය, අක‍්‍රමිකතා ඇතුළු බලය කිහිප දෙනෙක් අතේ පැවතීම මේ කියන බරපතළ කරුණු නිසා අපිට කවුරුවත් ගොඩ එන්න සලකන්නේ නැහැ. ලබන මාර්තු අපේ‍්‍රල් වන විට රටේ ආහාර පිළිබඳව අර්බුදයයි ජීවත්වීමේ අර්බුදයයි ඉතාමත් පහළ තැනකට වැටෙනවා. මේක වළක්වන්න බැහැ. අද කොළඹ නගරයේ කුණු ගොඩකට පයින් ගැසුවාම ජනාධිපති අපේක්‍ෂකයෝ දහයක් පහළොවක් කුණු ගොඩින් විසිවෙනවා. ඒ තරමට ඊළඟ ජනාධිපති වෙන්න. මගේ නම් එහෙම අදහසක් නැහැ. අපි තමයි ලොක්කො අපිට පුළුවන් හෙට ආණ්ඩුව අරන් කරන්න කියල ප‍්‍රශ්න විසඳන්නම් කියල කියන ඕන තරම් අය ඉන්නවා. ඒ හිතන තරම් ලේසි තැනක නෙවෙයි අද රට තියෙන්නෙ. අපි තමයි ආණ්ඩු කරන්නෙ කියල කිව්වට කවදාවත් එහෙම කරන්න බැහැ. මේ රට හැදීමට අද තිබෙන සාම්ප‍්‍රදායික ආණ්ඩුවලට වඩා වෙනස් ආණ්ඩුවක් බිහිවිය යුතුයි යැයි ද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment