මගේ පුතා සිද්ධියට සම්බන්ධ නෑ: හිටපු ඇමැති සරත් වීරසේකර පුවත ගැන කරුණු පහදයි

706

‘වීරසේකරගේ දොස්තර පුතාට හෝටලයේදී තර්ජනය කළ සේවකයා අත්අඩංගුවට’ යන මැයෙන් ඊයේ (9 දා) අප පත්‍රයේ 5 වැනි පිටුවේ පළවී ඇති වාර්තාව නිවැරදි නොවන බව හිටපු මහජන ආරක්‍ෂාව පිළිබඳ ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කරයි. තම පුතා සචිත්‍ර වීරසේකර වන අතර පුවතේ සඳහන් අන්දමට ‘සුමුදු’ නම් අයකු ද නොවන බවද පුවතේ සඳහන් සිදුවීමට අදාළ දින හෝ කෙදිනකවත් සංචාරක හෝටලයේ නවාතැන් ගෙන නොසිටි බවද ඔහු පවසයි. ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා ද ඊයේ (9 දා) ‘දිවයින’ට පැවසුවේ

ගිංතොට සංචාරක නිකේතනයක කිසියම් සිද්ධියක් වී ඇති නමුත් එම සිදුවීම හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ පුතාගේ කිසිදු සම්බන්ධයක් නැති බවයි. එය වෛද්‍ය සුමුදු නමැති වෙනත් වෛද්‍යවරයකු මුහුණපා ඇති සිද්ධියක් බවය.

advertistmentadvertistment
advertistmentadvertistment