මගේ බෙදිල්ල වැරදියි කියන කුහකයන්ගේ ළමයි ගියේ පෞද්ගලික පාසල් හා විශ්වවිද්‍යාලවලට – හෝමාගම ජනාධිපති විදුහලට සුහුරු පන්ති කාමර උපකරණ දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි

43

මගේ බෙදිල්ල වැරදියි කියන කුහකයන්ගේ ළමයි ගියේ පෞද්ගලික පාසල් හා පෞද්ගලික විශ්වවිද්‍යාලවලට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඔවුන්ගේ දරුවන්ගේ තැනට රටේ 41 ලක්ෂයක් දූ දරුවන් පැමිණෙතැයි කියන ඊර්ෂ්‍යාවක් හා වෛරයක් ඔවුන් සතුව ඇති බවත් මේ බංකොලොත් රටෙත් තමන්ගේ කැපවීම, ශක්තිය, තරහ මරහ, පළිගැනීම් සිදු නොකර හැමෝම එකට එකතු වී බංකොලොත්භාවයෙන් රට මුදවා ගැනීමට එක්වන ලෙස ඉල්ලීමක් කරන බවත්, අප රටේ දරුවන්ට යහපත් හෙටක් සහිත රටක් ගොඩ නැගීමට සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මගේ බෙදිල්ල වැරදියි කියන කුහකයන්ගේ ළමයි ගියේ පෞද්ගලික පාසල් හා විශ්වවිද්‍යාලවලට - හෝමාගම ජනාධිපති විදුහලට සුහුරු පන්ති කාමර උපකරණ දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉකුත් 18 දා කොළඹ, හෝමාගම ජනාධිපති විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 246 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීම සඳහා පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් පාසල් සංවර්ධන ගිණුමට පරිත්‍යාග කළේය. අද පාර්ලිමේන්තුවේ විෂය වූයේ ජනාධිපතිවරයාට සංවර්ධන කටයුතු සඳහා රු. මිලියන් 8750ක් වෙන් කිරීම බවත් මේ මුදල් දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කර කේන්ත්‍රාත් ලබා දීමේ සංතෝසම් වැඩසටහන් ක්‍රියාත්මක නොකර මේ මුදල්වලින් සුහුරු පන්ති කාමර ලබා දිය හැකි බවට අධ්‍යාපන ඇමතිවරයාට යෝජනා කළ බවත් බංකොලොත් රටෙත් විධායකයේ අනුමැතිය පරිදි කෝටි 875ක් වෙන් කර ඇති බවත් මෙය අධ්‍යාපනයට වෙන් කළා නම් අප රටේ අධ්‍යාපනය මීට වඩා දියුණු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මගේ බෙදිල්ල වැරදියි කියන කුහකයන්ගේ ළමයි ගියේ පෞද්ගලික පාසල් හා විශ්වවිද්‍යාලවලට - හෝමාගම ජනාධිපති විදුහලට සුහුරු පන්ති කාමර උපකරණ දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි

වත්මන් පාලකයෝ බංකොලොත්භාවයෙන් වත් පාඩම් ඉගෙන ගෙන නොමැති බවත් තමන්ට කැමති සුරතල් දේශපාලනය ක්‍රියාත්මක කරන්න මේ බංකොලොත් රටෙත් කෝටි 850ක් වෙන් කර ඇති බවත් මෙය සෝචනීය කරුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment